Tuesday, May 19, 2020

7.1.2 හින්දු කෝවිලක මූලිකාංග හා එහි කලා නිර්මාණ හඳුනා ගනිමු.

සැකසුම:සුරංගි වීරසේකර

*       කෝවිල හින්දු ආගමික ගොඩනැගිල්ලකි. එහි බිම් සැලැස්ම ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ.



    *   හින්දු කෝවිලක ප්‍රධානම අංගය පිවිසුම් දොරටුව වන ගෝපුරම්/ ගෝපුරයි. මෙහි හින්දු ආගමික                      සාහිත්‍යයේ  එන විවිධ සිද්ධීන් හා චරිත මූර්තිමය ආකාරයෙන් නිර්මාණය කර ඇත.




*    ශිව දෙවියන්ගේ වාහනය වන “නන්දි” ගවයා ගේ රුව බොහෝ හින්දු දේවාල තුල දක්නට ලැබේ. මේවා බොහෝ විට කළුගලින් නිමවා ඇත.




*  ලංකාවේ හින්දු ආගමික ගෘහ නිර්මාණ කෙරෙහි දකුණු ඉන්දීය කලා ලක්ෂණ බලපා ඇත.
*  හින්දු ආගමික සංකේතය ලෙස වෘෂභ කොඩිය භාවිතා කරයි.
*හින්දු දේවාලයේ “ගර්භ ගෘහ ’’නමින් හඳුන්වන කොටසෙහි කුඩා හින්දු දේවාලයක හැඩයක් ගත් ආකෘතිමය කලා කෘතියක් වේ.




7.1.2. ඇගයීම.

1). හින්දු කෝවිලක දළ රූප සටහනක් ඇඳ ප්‍රධාන ගෘහ නිර්මාණ අංග නම් කරන්න.
2). හිංදු කෝවිලේ ප්‍රධාන බිම් සැලස්ම ඇඳ නම් කරන්න.
3). හින්දු ආගමික සාහිත්‍යයේ එන සිද්ධීන් හා චරිත මූර්තිමත් කර ඇති නිර්මාණ රැසක් දැක ගත හැකි හින්දු කෝවිලක ප්‍රධානම ගෘහ නිර්මාණ අංගය කුමක්ද?
4) හින්දු දේවාල තුල දක්නට ඇති ශිව දෙවියන්ගේ වාහනය සේ සැළකෙන රුව කුමක්ද?
5) හින්දු ගෘහ නිර්මාණ සඳහා බලපා ඇත්තේ කුමන ගෘහ නිර්මාණ කලාවද?