Saturday, November 28, 2020

තිස්ස රණසිංහ ශිල්පියා

 සැකසුම:සී.එන්.ගුණවර්ධන සහ සෙව්වන්දි ,සුරංගි වීරසේකර

6.1.6 කාර්ය පත්ත්‍රිකාව




  • තිස්ස රණසිංහ විසිවන සියවසේ ලංකාවේ නූතන මූර්ති කලාවේ නව ශෛලියක් බිහිකිරීමට පුරෝගාමී වූ විශිෂ්ට ශිල්පියා ලෙෂ හැඳින්විය හැකිය.

  • මරදාන කාර්මික විද්යාලයේ ජේ ඞී ඒ පෙරේරා මහතා යටතේ චිත‍්‍ර කලාව හදාරන ලද තිස්ස රණසිංහ මහතා එංගලන්තයේ රාජකීය කලා පාසලේ මූර්ති ශිල්පය හදාරා තිබේ.

  • යුරෝපීය නූතන කලා නිර්මාණ ආභාස කොට ගෙන තමාට ආවේණික වූ මූර්ති නිර්මාණ ශෛලියක් ගොඩනඟා ගත්තෙකි.

  • ස්වභාවික හැඩයන්ට වෙනස් වූ වියුක්ත වාදී හැඩයන්ගෙන් සංකලනය වූ හැඩතල ඔහුගේ නිර්මාණ සඳහා පාදක විය.

  • ලාංකීය මූර්ති නිර්මාණ කලාවට ලෝකඩ මාධ්‍ය හා වාත්තු ශිල්ප ක‍්‍රම හඳුන්වා දීමට පුරෝගාමී වූයේ තිස්ස රණසිංහ මහතායි.

  •  ලාංකික මූර්ති ශිල්පියෙකු ලැබූ උසස්තම ජාත්යන්තර සම්මානය 1963 බ‍්‍රසීලයේ පැවැත්වූ සා ඕ පාවුලෝ ප‍්‍රරදර්ශනය සඳහා ඉදිරිපත් කළ විපාක හෙවත්  ර්‍ණපව් සමාවනැමැති ලෝහ මූර්තියට හිමිවිය.

  •  ඔහුගේ නිර්මාණ සඳහා වස්තු විෂය වූයේ

  1. ප‍්‍රභූන්ගේ පුද්ගල රූප ආලේඛ්‍ය මූර්ති - පරණවිතාන පිළිරුව
  2.  ආගමික සංකල්ප නිරූපිත මූර්ති (බෞද්ධ හා හින්දු* - දුෂ්කර කි‍්‍රයාව මූර්තිය, පව් සමාව හෙවත් විපාක, ගනේශ
  3.  ඵෙතිහාසිකත්වය නිරූපිත නිර්මාණ
  4. කොළඹ රාජකීය විද්යාලයේ උන්නත නිර්මාණය
  5.  ලාංකීය නූතන වාදී මූර්ති කලාවේ ඇරඹුම ස්ථාපනය කළේ තිස්ස රණසිංහ මූර්ති ශිල්පියා යැයි සැලකේ.

දුෂ්කර කි‍්‍රයාව මූර්තිය.

  • තිස්ස රණසිංහ ශිල්පියාගේ අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙස පිළිගැනේ. සිදුහත් බෝසතුන් දුෂ්කර කි‍්‍රයාව නිරත වන අයුරු පිළිබිඹු කරයි.

  • ස්වභාවික වාදීව මිනිස් සිරුරක බාහිර කායික ව්්‍යුහය ට වඩා අභ්‍යන්තර හැඟීම් නිරූපණය මෙම මූර්තියේ දැකිය හැක.

  •  වියුක්ත වාදී කලා ආභාසයන් මෙම නිර්මාණයේ දැකිය හැක. විචාරක මතය වන්නේ අර්ධ වියුක්තවාදී හැඩ සහ අර්ධ නිරූපණාත්මක හැඩයන් සංකලනය වී ඇති බවයි.

  • ලෝකඩ මාධ්‍යයෙන් නිර්මාණය කර තිබේ.


කොළඹ රාජකීය විද්‍යාලයේ බිතු කැටයම්


  •  කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ නිර්මාණය කර ඇත. නූතන මූර්ති කලාවේ නව මානයක් ඇති කළ නිර්මාණයකි.
  • ටෙරාකොටා මාධ්‍ය භාවිතයෙන් නිර්මාණය කර ඇත.

  • මෙහි වස්තු විෂය වී ඇත්තේ ලාංකීය නාට්‍ය කලා ඉතිහාසයයි.

  • ඝනිකවාදී කලා ලක්ෂණ වල හැඩතල, වියුක්ත හැඩතල මෙම නිර්මාණය සඳහා පාදක කොටගෙන තිබේ.

  •  මේ සඳහා යොදාගෙන ඇති වර්ණ නිර්මාණයේ අලංකරණය සහ ප‍්‍රකාශන ගුණය වැඩි කරයි.

 

    කාර්ය පත‍්‍රිකාව

    ඇගයීම

           1). ශී‍්‍ර ලාංකික මූර්ති ශිල්පියකු ලැබූ උසස් ම ජාත්‍යන්තර සම්මානය දිනාගත් තිස්ස රණසිංහ ශිල්පියාගේ                  මූර්තිය  කුමක්ද?...........................................................................................................................

          2)  ඔහු තම ාට ආවේණික ශිල්ප ක‍්‍රමයක් බිහිකරගත්තේ…………………………………නූතනවාදී                  කලා නිර්මාණ ආභාෂය කොටගෙනය.

         3) ස්වභාවික හැඩයන්ට වෙනස් වූ.................................... හැඩයන්ගෙන් සංකලනය වූ හැඩතල ඔහුගේ                 නිර්මාණ සඳහා පාදක විය.

         4)  සිදුහත් බෝසතුන් දුෂ්කර කි‍්‍රයාව මූර්තියේ ස්වභාවික වාදීව මිනිස් සිරුරක  බාහිර කායික ව්‍යුහයට                      වඩා………………………… නිරූපණය දැකිය   හැක.

         5)  දුෂ්කර කි‍්‍රයාව මූර්තියේ මාධ්‍ය කුමක්ද?...........................................................................................

        6)  කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ නිර්මාණය කර ඇති බිතු කැටයමේ වස්තු විෂය චී ඇත්තේ                කුමක්ද?........................................................................................................................................

        7) මෙහි මාධ්‍ය කුමක්ද?.............................................................................................................

        8)………………………………………………. කලා ලක්ෂණ වල හැඩතල, වියුක්ත හැඩතල මෙම                  නිර්මාණය සඳහා පාදක කොටගෙන තිබේ.

v පහත කරුණු යටතේම නිර්මාණය හඳුනාගෙන ඇගයීමට ලක් කරන්න.

    9)

  •           හඳුනා ගැනීම: …………………………………………………………
            ශිල්පියා: ………………………………………………………………
             මාධ්‍ය: …………………………………………………………………
             ශෛලිය: ………………………………………………………………
            කලා ආභාසය: …………………………………………………………


Friday, November 27, 2020

ග්‍රීක මූර්ති නිර්මාණ

 සැකසුම:චන්ද්‍රා හඳපාන්ගොඩ.සුරංගි වීරසේකර

7.4.2 කාර්ය පත්ත්‍රිකාව

වීනස් දි මෙලෝ




  •         කිරිගරුඞ මාධ්‍යයෙන් ඇලෙක්සැන්ඩ්‍රෝස් නම් ශිල්පියා විසින් කරවන ලදැයි සැලකෙන, හෙලනිස්ටික් යුගයට අයත් මෙය 1820 දී මෙලෝ දිවයිනින් සොයාගෙන ඇත. දෙඅත් කැඩී ගොස් ඇත.
  •         වමතින් ගත් කැඩපතකින් තම රූ සපුව නරඹන කාන්තාවක් නිරූපනය වේ යැයි විචාරක මතයයි.
  •    කාන්තා නාරි දේහයේ සුන්දරත්වය මැනවින් දක්වන ලද ග්‍රීක සම්භව්‍ය යුගයට අයත් අග්‍රගන්‍ය ග්‍රීක් මූර්තියක්    වන මෙය දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ දක්නට ලැබේ


කවපෙත්ත විසිකරන්නා

  •       ක්‍රි.පූ 450ට පමණ අයත් ග්‍රීක සම්භාව්‍ය යුගයට අයත් මෙම මූර්තිය මයිරන් නමැති ශිල්පියා විසින් නිර්මාණය කර ඇත.
  •         කිරිගරුඞ මාධ්‍යයෙන් කවපෙත්ත විසිකරන ක්‍රීඩකයෙකුගේ ඉරියව්ව මැනවින් නිරූපණය කර ඇත.
  •         මෙයින් පිරිමි ක්‍රීඩකයෙකු සතු කායික ජවය, ශක්තිය, චලනය මෙන්ම සමබරතාවය හා රිද්මය ඉතා විශිෂ්ට ලෙස නිරූපණය වේ.
  •         මෙහි මුල් කෘතිය ලෝකඩ මාධ්‍යයෙන් නිර්මාණය කර තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.


හර්මිස් සහ ඩයොනීසස්


  •   ග්‍රීක සම්භව්‍ය යුගයට අයත් උස අඩි 7 අගල් 1 ක් පමණ වන කිරිගරුඞ මාධ්‍යයෙන් නිමකරන ලද මෙම මූර්තිය ප්රැක්සිටෙලස් නමැති ශිල්පියා විසින් කර ඇතැයි සැලකේ.
  •   හර්මිස් දකුණු පාදයට බර දී වම් පාදය නවා සිටින අතර ඩයොනීසස් දරුවා වමතින් වඩාගෙන සිටී. ළදරුවාගේ රුවෙහි මුදු, මොලොක්, මටසිලිටි සුන්දරත්වය මනාව නිරූපනය වේ.
  •  හර්මිස්ගේ ඉහළට ඔසවා ඇති කැඩී ගිය දකුණු අතෙහි මිදි පොකුරක් තිබූ බව විචාරක මතයයි.
  •  දැනට මෙය ග්‍රීසියේ ඔලිම්පියා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.



ඇතීනා දෙවඟනගේ රුව




  •        ක්‍රි.පු 5 වන සියවසේදී පීඩියස් නමැති ශිල්පියා විසින් කර ඇතැයි සැලකෙන, ග්‍රීක සම්භාව්‍ය යුගයට අයත් මෙය අඩි 48 ක් පමණ උසය.
  •         දැවයෙන් නිමවා රනින් හා ඇත් දළ වලින් අලංකාර කර ඇත.
  •         වමතින් හෙල්ලයක් හා පළිහක් දරමින් දකුණතින් නයික් (NIKE) නමැති ජයග්‍රහණයේ දේවතාවියගේ රුවකි.
  •      ග්‍රීක ජනප්‍රවාද දර්ශන වලින් අලංකාර පළිහ, පාදම, හිස්වැස්ම සහ පාවහන් වලින් යුතු අතර සිනිඳු ඇඳුමෙහි රැළි ඉතා සියුම් ලෙස මතුකර ඇත.
  •         රණ ශූරත්වය, එඩිතර බව, සෘජු බව දැක්වෙන ප්‍රතාපවත් ග්‍රීක කාන්තා මූර්තියකි.



ලැඕකූන් මූර්තිය





  •    ග්‍රීක හෙලනිස්ටික් යුගයට අයත් කිරිගරුඞ මාධ්‍යයෙන් නිමවා ඇති මෙම ප්‍රතිමාවෙන් මුහුදු සර්පයෙකුගෙන් බේරීමට පියකු හා පුතුන් දෙදෙනෙකු ගන්නා උත්සාහය පෙන්වන නිර්මාණයකි.
  •       උස අඩි 8ක් වන මෙයින් පියාගේ මහලු බවත් පුතුන්ගේ තාරුණ්‍යත් මතු කොට ඇති අතර ධෛර්ය සම්පන්න බව, ශක්තිය,උත්සාහය,වේදනාව, බිය යන හැගීම් මැනවින් දක්වන ලද අග්‍රගන්‍ය මූර්තියකි.
  •         මෙය දැනට රෝමයේ වතිකානු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.


කාර්ය පත‍්‍රිකාව

ඇගයීම

1)      කැඩපතකින් තම රූ සපුව නරඹන කාන්තාවක් නිරූපනය වන මූර්තිය නම් කරන්න.

…………………………………………………………………………………

2)      එම මූර්තිය කුමන ස්ථානයකින් සොයා ගන්න ලද්දක්ද ?

…………………………………………………………………………………

3)      කවපෙත්ත විසි කරන්නා නමැති මූර්තිය කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්ද ?

…………………………………………………………………………………

4)      එම නිර්මාණයේ මුල් කෘතිය කුමන මාධ්‍යයකින් නිමකර ඇතැයි සඳහන්වේද ?

…………………………………………………………………………………

5)      හර්මිස් සහ ඩයොනීසස් මූර්තියේ කැඩී ගිය දකුණු අතෙහි කුමක් තිබෙන්නට ඇතැයි සැලකේද ?

…………………………………………………………………………………

6)      මෙම මූර්තිය දැනට ප්‍රදර්ශනයට තබා ඇති ස්ථානය නම් කරන්න.

…………………………………………………………………………………

7)      ඇතීනා දෙවඟන මූර්තිය නිර්මාණය කළ ශිල්පියා නම් කරන්න.

…………………………………………………………………………………

8)      ඇතීනා දෙවඟන මූර්තියෙහි දකුණු අතෙහි දැක්වෙන ග්‍රීක දේවතාවියගේ නම කුමක්ද ?

……………………………………………………………………………………

9)      ලැඕකූන් මූර්තිය දැනට ප්‍රදර්ශනයට තබා ඇති ස්ථානය නම් කරන්න.

……………………………………………………………………………………

10)  මෙම මූර්තිය ග්‍රීසියේ කුමන යුගයට අයත් මූර්තියක්ද ?

……………………………………………………………………………………

v පහත කරුණු යටතේම නිර්මාණය හඳුනාගෙන ඇගයීමට ලක් කරන්න.

11)

 


  •          හඳුනා ගැනීම: ……………………………………………………………
  •          අයත් යුගය: ………………………………………………………………
  •          ශිල්පියා: ………………………………………………………………
  •          මාධ්‍ය: …………………………………………………………………
  •          කලා ලක්ෂණ: …………………………………………………………
  •  

 12)

  •          හඳුනා ගැනීම: ……………………………………………………………
  •          අයත් යුගය: ………………………………………………………………
  •          ශිල්පියා: ………………………………………………………………
  •          මාධ්‍ය: …………………………………………………………………
  •          කලා ලක්ෂණ: …………………………………………………………