Saturday, November 21, 2020

පෙරියතම්බි සුබ‍්‍රමණියම්

 සැකසුම:ඩී.පී.ආර්ටිගල.සුරංගි වීරසේකර

6.1.6 කාර්ය පත්ත්‍රිකාව

                               ( රවි වර්මාගේ සිතුවම්)

  •             යාපනය, නල්ලූර්හි උපත ලැබූ පෙරියතම්බි සුබ‍්‍රමණියම් දෙමළ ජනතාව අතර ජනප‍්‍රියත්වයට පත් වු විශිෂ්ට චිත‍්‍ර ශිල්පියෙකි.
  •          දෙමළ ජනතාවගේ එදිනෙදා ජිවිත අවශ්‍යතාවන් සමඟ බැඳි අභිලාෂයන් ඉටු කළ චිත‍්‍ර ශිල්පියකු මෙන්ම ඔහු යාපනයේ ජීවත් වෙමින් ස්ව උත්සහයෙන් චිත‍්‍ර කලාව හැදෑරූ ශිල්පියෙකි.
  •          ඔහුගේ සිිතුවම් ඉන්දියානු කලාකරු රවි වර්මාගේ පුරාණ ඓතිහාසික සිද්ධි නිරූපිත සිතුවම්වල ශෛලිය ලක්ෂණ පෙන්වයි. ඔහුගේ චිත‍්‍රවල දක්නට ලැබෙන දෘෂ්ටි මායා ප‍්‍රකාශන ශිල්ප ක‍්‍රමය මොහුගේ නිර්මාණ සඳහා අනුගමනය කර ඇත.
  •          කෝවිල් බිත්ති චිත‍්‍ර වලට අමතරව තිරරෙදි චිත‍්‍ර නිර්මාණ, විශාල ප‍්‍රමාණයෙන් බැනර් හා කට්ඔවුට් (cutouts) නිර්මාණය කරන ලදී.
  •          පෙරියතම්බි සුබ‍්‍රමණියම් ශිල්පියාගේ සිතුවම් නල්ලූර් කෛලාසපිල්ලෙයාර් කෝවිල, ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිල, සුදුමලයි අම්මන් කෝවිල, වැල්වෙට්ටිත්තුරෙයි සිවන් කෝවිල, නල්ලූර් වීර කාලි අම්මන් කෝවිල, වේලණෙයි අම්මන් කෝවිල යන ස්ථානවල දක්නට ලැබේ.


අගස්තියර් හා විනායගර්


  • ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිලෙ හි දැකිය හැකි මෙම නිර්මාණයෙන් අගස්තියර්ගේ කෙණ්ඩියට කපුටු වෙසින් පැමිණි විනායගර් තට්ටු කළ නිසා හටගත් කාවේරී නදියයේ කතා පුවත අවස්ථා තුනකින් යුතුව නිරූපණය කර ඇත.
  • හුණු බිත්තිය මත එනමල් වර්ණ යොදා මෙම සිතුවම නිර්මාණය කර ඇත.
  •  ඉතා ආකර්ෂණීය ලෙස ත‍්‍රිමාන ලක්ෂණවලින් යුතුව නිර්මාණය කර ඇත.
  •  රූප වටා පැහැදිලි රේඛාකරණයක් දක්නට නොලැබේ. පර්යාලෝකනය ලක්ෂණ දක්වා ඇති අතර පෙර බිමේ ඇති රූපවල ක‍්‍රියාකාරකම්වලට උචිත පරිදි හා ඒවා එක් එක් තීව‍්‍ර කරන ආකාරයට පසුබිමේ දර්ශන දක්වා ඇත.
  • සිතුවමෙහි කොටස් 3 වන්නේ  

            1. කොටසථ කපුටා පලවා හරින අගස්තියර් 

            2. කොටසථ දරුවකු බවට පත් වූ විනායගර් අගස්තියර් විසින් පලවා හැරිම.

            3. කොටසථ විනායගර් පැමිණි බව හැඟුණු බැවින් යටපත් පහත් ලෙස අගස්තියර්  

                වඳින අයුරු දැක්වේ


ඇතා වල්ලිව එලවාගෙන යාම


*        ඉනුවල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිලෙ හි මෙම සිතුවම දක්නට ලැබේ.

*        ඇත් වෙසින් පැමිණි විනායගර්, වල්ලි එලවාගෙන යනු ලබන අතර වල්ලි, තාපස වෙසින් පැමිණි මුරුගන්ගෙන් පිළිසරණ ලැබීම මෙහි නිරූපිතය.

*        ත‍්‍රිමාන ලක්ෂණ හා පර්යාලෝක ලක්ෂණ දක්වා ඇත. බිත්තියෙහි තලය සකස් කිරීමකින් තොරව එනමල් වර්ණයෙන් සිතුවම් කර ඇත.

*        ඉතා දීප්තිමත් වර්ණ යොදාගෙන ඇත. ආලෝකය හා අඳුර යොදා ගනිමින් රූපවල සීමා රේඛාකරණයෙන් තොරව දක්වා ඇත

*        විනායගර් සහ ඇතා එක් කොටසක ද වල්ලි සහ තාපසයා තවත් කොටසක් ලෙසින් ද සිද්ධි දෙක ම එක තලයක සමෝධානය කරන ආකාරයට භූ දර්ශනය යොදා ඇත.

*        ඇතාගේ භයානක ස්වරූපය හා වල්ලිගේ බිය මුසු හැ`ගීම් නිරූපණය කෙරෙන මෙම නිර්මාණයෙන් ත‍්‍රාසය හා බියමුසු හැ`ගීම් මැනැවින් ප‍්‍රකාශ කරන්නක් වෙයි.

 


කාර්ය පත‍්‍රිකාව

ඇගයීම 

1)      පෙරියතම්බි සුබ‍්‍රමණියම් ශිල්පියාගේ සිතුවම් සඳහා ආභාසය ලැබුණු ඉන්දියානු ශිල්පියා නම් කරන්න.

..........................................................................

2)      එම ප‍්‍රකාශන ශිල්ප ක‍්‍රමය හඳුන්වනු ලැබූ නම සඳහන් කරන්න.

............................................................................................................................................

3)      කෝවිල් චිත‍්‍ර වලට අමතරව ඔහු විසින් නිර්මාණය කරන ලද චිත‍්‍ර නම් කරන්න.

...............................................................................................................................................

4)      ඔහු විසින් චිත‍්‍ර අඳින ලද කෝවිල් 3ක් සඳහන් කරන්න.

1.      .......................................................................

2.      .....................................................................

3.      ......................................................................

5)      අගස්තියර් හා විනායගර් සිතුවම දක්නට ලැබෙන කෝවිල නම් කරන්න.

.............................................................................................................................

6) ඔහු විසින් මෙම කෝවිලේ අඳින ලද චිත්‍ර සඳහා භාවිතා කල වර්ණ වර්ගය සඳහන් කරන්න.

..........................................................................................................................................

7)      පෙරියතම්බි සුබ‍්‍රමණියම් කලා ශිල්පියාගේ චිත‍්‍ර ශෛලිය පිලිබදව කෙටියෙන් හැදින්වීමක් කරන්න '

...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

පහත සිතුවම හදුනාගෙන එම සිතුවම අන්තර්ගතවනසේ වාක්‍ය 05ක් ලියන්න



  • තේමාව:…………………………………………………………
  •   ශෛලිය: …………………………………………………………
  •      අභාසය:…………………………………………………………
  •   ශිල්ප ක‍්‍රමය:...…...................................................
  • කලා ලක්‍ෂණ:………………………………………………………











Wednesday, November 18, 2020

තාවඩි මු. තුරෙයිසාමි

 

සැකසුම: සී.පී.ජයකොඩි.සුරංගි වීරසේකර

6.1.5 කාර්ය පත්ත්‍රිකාව



*        19 වන සියවසේ අග භාගයේ තාවඩි ප්‍රදේශ‍යේ ජීවත් වූ චිත්‍ර ශිල්පියෙකු ලෙස තාවඩි මු. තුරෙයිසාමි හදුන්වා දිය හැක.

*        දකුණු ඉන්දීය තන්ජාවූර් සිතුවම් වල ශිල්ප ක්‍රම නිර්මාණ සදහා භාවිත කර ඇත.

*        යුරෝපා යථාර්ථවාදය හා පෙරදිග සිතුවම් ලක්ෂණ වල සම්මිශ්‍රනයක් මොහුගේ සිතුවම් වල දැකිය හැක.

*        යාපනයේ නල්ලූර් හි සට්ටනාදර් ශිව දේවාලයේ තිබී ඇති බිතු සිතුවම් අතර,

·         සුදු අත් ඇති පූජක රුව (ඓයර්)

·         ගණපති රූපය

·         සුදු කුකුළාගේ රූපය හා සැරසිලි මොහුගේ විශිෂ්ට නිර්මාණ වේ.

*        ස්වාභාවික වර්ණ භාවිතයත් පෙරදිග සම්ප්‍රදාය අනුගමනය කරමින් ලා වර්ණ ව්‍යාප්තියක් දැකිය හැක.

*        ලා දුඹුරු වර්ණ මාලාවක් මෙම සිතුවම්වල දැකිය හැක.

*        ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට සිතුවම් නිමවා ඇත.

*        තාවඩි මුරුගන් මූර්ති කෝවිලේ ද සිතුවම් නිර්මාණය කර ඇත. ඒ අතර,

·         කිරි කාවඩි රුවා

·         වල්ලි දෙවගන බිහිකළ මුව දෙන

·         වශිෂ්ටර් හා කාරාම් පශු

·         කතරගම දෙවියන් මහලු බමුණකුගේ වෙස් ගෙන අලියාගෙන් වල්ලි

දෙවඟන බේරීම                        

·         වැදි රූපය වැදගත් නිර්මාණ වේ.

*       කන්කසන්තුරේ වරායේ ගබඩා කාමර වල හා පෞද්ගලික නිවාස වල ඔහුගේ සිතුවම් තිබී ඇත‍.


සුදු කුකුළාගේ රූපය


*        සට්ටනාදර් ශිව දේවාලයේ තිබු නිර්මාණයකි.

*        යුරෝපීය යථාර්ථවාදී සිතුවම් ආභාසය පැහැදිලිව හඳුනාගත හැක.

*        ගාම්භීර පෙනුමක් සහිතව කුකුළාගේ චලනය ඉතා තාත්විකව දක්වා ඇත.

*        ලා පැහැයට හුරු දුඹුරු වර්ණ මාලාවක් සිතුවම් පුරා දැක්නට ලැබේ.

*        වියළි බදාමය මත සිතුවම් නිර්මාණය කිරීමේ ක්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට සිතුවම් නිර්මාණය කර ඇත‍.


සුදු අත් ඇති පූජක රුව (ඓයර්) හා ගණපති රූපය


*        සට්ටනාදර් ශිව දේවාලයේ තිබූ නිර්මාණයකි.

*        සුදු අත් සහිත පූජකයෙකු ගණපතිට පූජා පවත්වන ආකාරය නිරුපිතය.

*        ලා දුඹුරු වර්ණය සමග ලා වර්ණ සිතුවම්ට භාවිත කර ඇත.

*        දකුණු ඉන්දීය තන්ජාවූර් සිතුවම් වල ආභාසයත් යුරෝපීය යථාර්ථවාදී සිතුවම්වල ආභාසයත් මෙම සිතුවම් සදහා පදනම් වී ඇත.

*        පූජාවට අවශ්‍ය භාණ්ඩ අලංකාර තොරණක් සහිත ගණපති රූපය මෙම සිතුව‍මේ දැකගත හැකිය.

*        පූජාවේ යෙදෙන පූජක රුව පෙරදිග සාමිප්‍රදායික ලක්ෂණ වලින් ඇඳ ඇත.

*        පසුබිම ලා වර්ණයෙන් යුතුව වර්ණ ගන්වා ඇත.

*        ස්වාභාවිකව සකස් කරගත් වර්ණ භාවිතයෙන් වියළි හුනු බදාමය මත සිතුවම් (ප්‍රෙස්කෝ සිකෝ ක්‍රමයට) නිර්මාණය කර ඇත‍.

 

කාර්ය පත්‍රිකාව

ඇගයීම'

1)      තාවඩි මු. තුරෙයිසාමී ශිල්පියාගේ නිර්මාණ සදහා දකුණු ඉන්දීය ......................... සිතුවම් වල ශිල්ප ක්‍රම භාවිතා කර ඇත.

2)      මොහුගේ විශිෂ්ට නිර්මාණ 3ක් නම් කරන්න.

1.      ................................................  

2.      ................................................

3.      ................................................

3)      මෙම සිතුවම් වල දැකිය හැක්කේ ...................................... වර්ණ මාලාවයි.

4)      බිතු සිතුවම් නිර්මාණය කර තිබුයේ  හුණු බදාමය මත ............................................ ශිල්ප ක්‍රමයටය.

5)      මෙම ශිල්පියාගේ සිතුවම් දැකිය හැකිව තිබූ තවත් ස්ථානයක් වන්නේ .......................................

6)      සුදු කුකුළා නැමති සිතුවම ....................................ශිව දේවාලයේ තිබු නිර්මාණයකි .

7)      සුදු අත් සහිත පූජකයෙකු ගණපතිට පූජා පවත්වන ආකාරය සිතුවමෙහි දක්නට ඇත්තේ දකුණු ඉන්දීය ............................... සිතුවම් වල ආභාසයත්, යුරෝපා .................................. සිතුවම් වල අභාසයත් ය.

v පහත කරුණු යටතේ තාවඩි මු. තුරෙයිසාමි ශිල්පියාගේ නිර්මාණ ඇගයීමට ලක් කරන්න.

සුදු කුකුළාගේ රූපය 

  •    තේමාව:………………………………………………………
  •   ආභාසය:………………………………………………………
  •   ශිල්ප ක්‍රමය:……………………………………………………
  •   වර්ණ භාවිතය:……………………………………………………
  •   කලා ලක්ෂණ:…………………………………………………

 

සුදු අත් ඇති පූජක රුව

                                                       

  •   තේමාව: …………………………………………………
  •   ආභාසය: …………………………………………………
  • ශිල්ප ක්‍රමය: ………………………………………………
  •  තලය භාවිතය: …………………………………………
  • කලා ලක්ෂණ: ………………………………………………