Wednesday, November 18, 2020

තාවඩි මු. තුරෙයිසාමි

 

සැකසුම: සී.පී.ජයකොඩි.සුරංගි වීරසේකර

6.1.5 කාර්ය පත්ත්‍රිකාව



*        19 වන සියවසේ අග භාගයේ තාවඩි ප්‍රදේශ‍යේ ජීවත් වූ චිත්‍ර ශිල්පියෙකු ලෙස තාවඩි මු. තුරෙයිසාමි හදුන්වා දිය හැක.

*        දකුණු ඉන්දීය තන්ජාවූර් සිතුවම් වල ශිල්ප ක්‍රම නිර්මාණ සදහා භාවිත කර ඇත.

*        යුරෝපා යථාර්ථවාදය හා පෙරදිග සිතුවම් ලක්ෂණ වල සම්මිශ්‍රනයක් මොහුගේ සිතුවම් වල දැකිය හැක.

*        යාපනයේ නල්ලූර් හි සට්ටනාදර් ශිව දේවාලයේ තිබී ඇති බිතු සිතුවම් අතර,

·         සුදු අත් ඇති පූජක රුව (ඓයර්)

·         ගණපති රූපය

·         සුදු කුකුළාගේ රූපය හා සැරසිලි මොහුගේ විශිෂ්ට නිර්මාණ වේ.

*        ස්වාභාවික වර්ණ භාවිතයත් පෙරදිග සම්ප්‍රදාය අනුගමනය කරමින් ලා වර්ණ ව්‍යාප්තියක් දැකිය හැක.

*        ලා දුඹුරු වර්ණ මාලාවක් මෙම සිතුවම්වල දැකිය හැක.

*        ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට සිතුවම් නිමවා ඇත.

*        තාවඩි මුරුගන් මූර්ති කෝවිලේ ද සිතුවම් නිර්මාණය කර ඇත. ඒ අතර,

·         කිරි කාවඩි රුවා

·         වල්ලි දෙවගන බිහිකළ මුව දෙන

·         වශිෂ්ටර් හා කාරාම් පශු

·         කතරගම දෙවියන් මහලු බමුණකුගේ වෙස් ගෙන අලියාගෙන් වල්ලි

දෙවඟන බේරීම                        

·         වැදි රූපය වැදගත් නිර්මාණ වේ.

*       කන්කසන්තුරේ වරායේ ගබඩා කාමර වල හා පෞද්ගලික නිවාස වල ඔහුගේ සිතුවම් තිබී ඇත‍.


සුදු කුකුළාගේ රූපය


*        සට්ටනාදර් ශිව දේවාලයේ තිබු නිර්මාණයකි.

*        යුරෝපීය යථාර්ථවාදී සිතුවම් ආභාසය පැහැදිලිව හඳුනාගත හැක.

*        ගාම්භීර පෙනුමක් සහිතව කුකුළාගේ චලනය ඉතා තාත්විකව දක්වා ඇත.

*        ලා පැහැයට හුරු දුඹුරු වර්ණ මාලාවක් සිතුවම් පුරා දැක්නට ලැබේ.

*        වියළි බදාමය මත සිතුවම් නිර්මාණය කිරීමේ ක්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට සිතුවම් නිර්මාණය කර ඇත‍.


සුදු අත් ඇති පූජක රුව (ඓයර්) හා ගණපති රූපය


*        සට්ටනාදර් ශිව දේවාලයේ තිබූ නිර්මාණයකි.

*        සුදු අත් සහිත පූජකයෙකු ගණපතිට පූජා පවත්වන ආකාරය නිරුපිතය.

*        ලා දුඹුරු වර්ණය සමග ලා වර්ණ සිතුවම්ට භාවිත කර ඇත.

*        දකුණු ඉන්දීය තන්ජාවූර් සිතුවම් වල ආභාසයත් යුරෝපීය යථාර්ථවාදී සිතුවම්වල ආභාසයත් මෙම සිතුවම් සදහා පදනම් වී ඇත.

*        පූජාවට අවශ්‍ය භාණ්ඩ අලංකාර තොරණක් සහිත ගණපති රූපය මෙම සිතුව‍මේ දැකගත හැකිය.

*        පූජාවේ යෙදෙන පූජක රුව පෙරදිග සාමිප්‍රදායික ලක්ෂණ වලින් ඇඳ ඇත.

*        පසුබිම ලා වර්ණයෙන් යුතුව වර්ණ ගන්වා ඇත.

*        ස්වාභාවිකව සකස් කරගත් වර්ණ භාවිතයෙන් වියළි හුනු බදාමය මත සිතුවම් (ප්‍රෙස්කෝ සිකෝ ක්‍රමයට) නිර්මාණය කර ඇත‍.

 

කාර්ය පත්‍රිකාව

ඇගයීම'

1)      තාවඩි මු. තුරෙයිසාමී ශිල්පියාගේ නිර්මාණ සදහා දකුණු ඉන්දීය ......................... සිතුවම් වල ශිල්ප ක්‍රම භාවිතා කර ඇත.

2)      මොහුගේ විශිෂ්ට නිර්මාණ 3ක් නම් කරන්න.

1.      ................................................  

2.      ................................................

3.      ................................................

3)      මෙම සිතුවම් වල දැකිය හැක්කේ ...................................... වර්ණ මාලාවයි.

4)      බිතු සිතුවම් නිර්මාණය කර තිබුයේ  හුණු බදාමය මත ............................................ ශිල්ප ක්‍රමයටය.

5)      මෙම ශිල්පියාගේ සිතුවම් දැකිය හැකිව තිබූ තවත් ස්ථානයක් වන්නේ .......................................

6)      සුදු කුකුළා නැමති සිතුවම ....................................ශිව දේවාලයේ තිබු නිර්මාණයකි .

7)      සුදු අත් සහිත පූජකයෙකු ගණපතිට පූජා පවත්වන ආකාරය සිතුවමෙහි දක්නට ඇත්තේ දකුණු ඉන්දීය ............................... සිතුවම් වල ආභාසයත්, යුරෝපා .................................. සිතුවම් වල අභාසයත් ය.

v පහත කරුණු යටතේ තාවඩි මු. තුරෙයිසාමි ශිල්පියාගේ නිර්මාණ ඇගයීමට ලක් කරන්න.

සුදු කුකුළාගේ රූපය 

  •    තේමාව:………………………………………………………
  •   ආභාසය:………………………………………………………
  •   ශිල්ප ක්‍රමය:……………………………………………………
  •   වර්ණ භාවිතය:……………………………………………………
  •   කලා ලක්ෂණ:…………………………………………………

 

සුදු අත් ඇති පූජක රුව

                                                       

  •   තේමාව: …………………………………………………
  •   ආභාසය: …………………………………………………
  • ශිල්ප ක්‍රමය: ………………………………………………
  •  තලය භාවිතය: …………………………………………
  • කලා ලක්ෂණ: ………………………………………………