Friday, June 5, 2020

හෙන්රි මුවර් ශිල්පියාගේ නිර්මාණ අගයමු (Henry Moore)

සැකසුම:සුරංගි වීරසේකර

6.3.2 කාර්ය පත්ත්‍රිකාව

Henry Moore, Double Oval, 1966. Bronze; edition of 2 + 1. 
Cast: Hermann Noack, Berlin. Length: 550 cm

 1898 දී එංගලන්තයේ යෝක්ෂයර් (Yorkshire) ප්‍රාන්තයේ, කාසල්ෆෝර්ඩ් (Castleford)  නුවර උපත ලැබූ හෙන්රි මුවර් (Henry Moore), ග්‍රීක රෝම කලාවේ හා පුනරුද යුගයේ පැවැති සාම්ප්‍රදායක මූර්ති නිර්මාණ වලින් පසුව, නව ආරක මූර්ති කලාවක් ලොවට හඳුන්වා දීමට පුරෝගාමීවූ ශිල්පියාය.



 1910 දී ශිෂ්‍යත්වයක් ලැබ, කාසල්ෆොර්ඩ් භාෂා පාසලට ඇතුල්වීමෙන් අනතුරුව, ඔහුට හමුවූ ප්‍රථම ගුරුවරයා වූයේ ඇලිස් ගොස්ටික් ය.1915 දී ගුරුවරයෙක් ලෙස පත්වීමක් ලැබූ,  මොහුගේ එකම අභිප්‍රාය වූයේ මූර්ති ශිල්පයෙක් වීමය. පසුව රාජකීය චිත්‍ර කලා විද්‍යාලයට  (Royal College of Art ) ඇතුලත්වූ මොහු, පසුකාලීනව එහි උපදේශක වරයෙකු ලෙසද කටයුතු කර ඇත. 1945 දී ලීඩ්ස් විශ්වවිද්‍යාලය (Leads Art University) මගින් ගෞරව උපාධියක් ද පිරිනැමුණි. 20 වන සියවසේ යුරෝපයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම මූර්ති ශිල්පියා ලෙස පිළිගැනුණ හෙන්රි මුවර්, එතෙක් පැවති දෘෂ්‍ය තාත්වික භාවයට, වෙනස් වූ වියුක්ත හැඩ, මූර්ති  ශිල්පයට  අනුගත කල ශිල්පියා බවට පත්විය.


Belem, Berardo Collection, Centro Cultural de Belem, Lisbon, Portugal
Materials: Bronze with green patina

 මොහුගේ මූර්ති  බොහොමයක් නිර්මාණය වූයේ උද්‍යාන අලංකරණ සඳහාය.එම මූර්ති වල විශේෂ ලක්ෂණය වන්නේ, ස්වාභාවික පෙනුමෙන් හා ස්වාභාවික පරිමාණයෙන් දුරස් වීමයි.එසේ ම, මානව රූප වල ශරීර හැඩ, ඉතා සරලව මතුවන ආකාරයට නිර්මාණයද , විශේෂ ලක්ෂණයකි. හෙන්රි මුවර්ට ආවේනික තවත් ලක්ෂණයක් වූයේ, විශාල ප්‍රමාණ ශර්‍රර සහිත වූ මානව රූප වල, හිස කුඩාවට දැක්වීමයි.මොහුගේ මුල්කාලීන කෘතීන් වල මිනිස් රූප පැහැදිලිව දැක්වූ අතර, පසුකාලීනව එය ක්‍රමයෙන් සරල හැඩ බවට පත්විය.



මොහුගේ මූර්ති සඳහා බොහෝවිට තේමාව වූයේ මානව රූපයයි.එම මූර්තීන් අතරින් වැදගත් මූර්ති කිහිපයක් වන්නේ, රජ පවුල හා වැතිර සිටින රුව යන නිර්මාණයන්‍ ය. ඊට අමතරව දැවයෙන් කල ඇලවී සිටින කාන්තාව, පවුල, මව සහ දරුවා නැමැති මූර්ති ද, විශ්ව කීර්තියට පත් නිර්මාණයන්ය.


රජ පවුල (King & Queen):

මෙතෙක් පැවති කලා සම්ප්‍රදායන්ට වෙනස් ආකාරයකින් නිර්මාණය කර ඇති අතර, ස්වාභාවික හා තාත්වික හැඩ දැක්වීම වෙනුවට, නිරූපණාත්මක වියුක්ත හැඩ භාවිතාකර ඇති මූර්ති නිර්මාණයක් ලෙස, රජ පවුල නැමති මූර්තිය හැඳින්විය හැක.මෙහි මානව රූප හැඩ, ස්වාභාවික පෙනුමෙන් හා ස්වාභාවික පරිමාණ වලින් දුරස්ය.බංකුවක් මත හිඳ සිටින ඉරියව්වෙන් යුතු මෙහි, ස්ත්‍රී පුරුෂ රුව, ඔහුට ආවේනික ශෛලියකට, සරළ හැඩතල භාවිතය තුලින්, චමත්කාරය සහ ලාලිත්‍ය එක්කර ඇති ආකාරය, ආශ්වාද ජනකය.මානව රූප ඉතා සරළ හැඩයකින් යුතුය.මෙහිදීද, විශාල ශරීරයට හිස කුඩාවට දක්වා ඇත. උද්‍යාන මූර්තියක් ලෙස නිර්මාණය කර ඇති මෙහි මාධ්‍ය ලෝකඩ වන අතර, වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය අනුව නිර්මාණය කිරීමද විශේෂත්වයකි.


 වැතිර සිටින රුව (Reclining Figure):


මෙම මූර්තිය තුලින් වියුක්ත හැඩතල දක්නට ඇති අතර, වැතිර සිටින ආකාරයක් නිරූපනය වේ. හෙන්රි මුවර්ට ආවේණික වූ, ස්වාභාවික පෙනුමෙන් හා ස්වාභාවික පරිමාණයෙන් දුරස් වූ හැඩතල භාවිතා කර ඇත. ලෝකඩ මාධ්‍යයෙන් හා ලෝහ වාස්තු කිරීමේ ශිල්ප ක්‍රමය අනුව නිර්මාණය වූ මෙය, මාධ්‍ය හා මූර්ති නිර්මාණ මූලධර්ම වෙනස් කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස, මෙම නිර්මාණය හැඳින්විය හැකිය.කොටස් තුනකින් යුතු මෙම මූර්තිය, දිගටි හෝ විවර සහිත හැඩ රිද්මයානුකූලව හා සමබරව අවකාශය භාවිතා කර ඇත.ඉදිරියට නෙරාගිය හා ඇතුලට නෙරාගිය කොටස් සහිත විස්තරාත්මක බවෙන් අඩු සරල හැඩ භාවිතා කර ඇත. මෙහිදීද මානව රූපයේ සරළ හැඩ හා එම ශරීර හැඩ වලට සාපේක්ෂකව, හිස කුඩාවට නිරූපණය කිරීමේ විශේෂ ලක්ෂණය දැකිය හැක.එසේම කවුළු, හිස් අවකාශ වැඩිය.


 පවුල නම් මූර්තිය, මානව රූ දෙකක් සහ දරුවකු එක්කර සම්පින්ඩණය කරන ලද උද්‍යාන මූර්තියකි.ලෝකඩ මාධ්‍ය වන මෙහි, මානව රූප තුල සම්බන්ධතාවය රැකීමට සමත්ව ඇත. මොහුගේ නිර්මාණ බොහොමයක්ම උද්‍යාන මුර්ති වූ අතර, විශාල ලෙස නිර්මාණය කල මානව රූප කොටස් කිහිපයකින් යුතුව නිර්මාණය කල අතර, මෙම මූර්ති නිර්මාණය සඳහා මාධ්‍ය, අමුද්‍රව්‍ය, මූර්ති මූලධර්ම හා ශිල්ප ක්‍රමද පවා වෙනත් ආකාරයට යොමුකල ශිල්පියකු ලෙස ප්‍රසිද්ධය.


HENRY MOORE, FAMILY GROUP , 1945, LOT 14, ESTIMATE £1,300,000-1,800,000.

 ස්වාභාවික වස්තූන් හා මානව රුව, ලාලිත්‍යයෙන් යුතුව ප්‍රකාශ කිරීමෙන් සෑහීමකට පත් නොවූ මොහු, එහි බාහිර හැඩය ඔස්සේ අභ්‍යන්තරය විනිවිද දැකීමට උත්සහ දැරූවෙකි. ඔහුට අවශ්‍ය වූයේ  යම් වස්තුවක හෝ සංකල්පයක අභ්‍යන්තර බලය හා ශක්තිය එහි මතුපිටට ගෙන එමයි. එබැවින් මොහුගේ නිර්මාණ වල මතුපිට සුන්දරත්වයට හා චමත්කාරයට වඩා අභ්‍යන්තරයේ කිසියම් අරුතක් ගැබ්ව ඇත.




 මොහුගේ නිර්මාණ සඳහා බොහෝවිට මාධ්‍ය වූයේ දැව සහ ලෝකඩයි.අව්, වැසි, සුළං තත්වයන්ට ඔරොත්තු දීමට හැකි මාධ්‍ය වීම සුවිශේෂී ලක්ෂණයකි. පහතින් දක්වා ඇත්තේ එවැනි සුවිශේෂී මූර්ති කිහිපයකි.














6.3.2 ඇගයීම:
1.හෙන්රි මුවර් ශිල්පියා ගැන කෙටි හැඳින්වීමක් කරන්න.
2. හෙන්රි මුවර් ශිල්පියා මානව රූප නිර්මාණයේදී භාවිතා කල විශේෂ ලක්ෂණ  මොනවාද?
3. හෙන්රි මුවර්ගේ වැදගත් නිර්මාණ කිහිපයක් නම් කරන්න.
4.ඔහුගේ මූර්ති බොහෝ විට නිර්මාණය වූයේ කුමන ස්ථානගත මූර්ති වශයෙන්ද?
5.එම මූර්ති සඳහා තේමාවන් වූයේ  මොනවාද?
6.ඔහු අනුගමණය කල ආභාෂය කුමක්ද?
7.එම මූර්ති සඳහා යොදාගත් ශෛලිය කුමක්ද?
8. මූර්ති සඳහා භාවිතා කල මාධ්‍යන් හඳුන්වන්න.
9.මෙම මූර්ති සඳහා ඔහු විසින්යොදාගත් ශිල්ප ක්‍රම විස්තර කරන්න.
10.මෙම මූර්ති වල සම්පිණ්ඩනය ගැන හැඳින්වීමක් කරන්න.
11.මෙම මුර්ති වල රිද්මය/මතුපිට ස්වභාවය පහදන්න.
12.එම නිර්මාණයන්හි භාව/හැඟීම් හා සමස්ත ප්‍රකාශණය විස්තර කරන්න.

Wednesday, June 3, 2020

ලංකාතිලක විහාරය

Source-Art Education Circle -Ministry of Education

7.1.2 කාර්ය පත්ත්‍රිකාව


එම්.සාර්ලිස් (1880-1955)

Source-Art Education Circle -Ministry of Education

6.1.1 කාර්ය පත්ත්‍රිකාව


සෝලිස් මෙන්ඩිස්(1897-1975)

Source-Art Education Circle -Ministry of Education

6.1.25 කාර්ය පත්ත්‍රිකාව





ඇම්බැක්කේ දේවාලය

Source-Art Education Circle -Ministry of Education

7.1.1 කාර්ය පත්ත්‍රිකාව


ගඩොලාදෙණිය රාජමහා විහාරය

Source-Art Education Circle -Ministry of Education

7.1.1  කාර්ය පත්ත්‍රිකාව



කලා නිර්මාණ අධ්‍යනය හා ඇගයීම

Source-Art Education circle -Ministry of Education