Sunday, November 22, 2020

දඹුලු ගලේ රූ වරුණා (Dambulla cave temple wall art)

 සැකසුම:ශශිප්‍රබා රුවන්දිනී.සුරංගි වීරසේකර

7.2.4 කාර්ය පත්ත්‍රිකාව

 ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.



මෙම විහාරය පිහිටීම සලකන විට ලංකාවේ කුඩා “අජන්තාව” ලෙස හඳුන්වා ඇත.මෙහි පලමු ගුහාවේ 18 රියන් සැතපෙන බුදු පිළිමයකි. දෙවෙනි ගුහාවද විශාල වන අතර බුදුපිළිම හා සිතුවම් විශාල ගණනකින් අලංකාර කර ඇත.ගලෙන් හා ලී වලින් නෙළා ඇති පිළිම අතර සඳුන්, මිල්ල ,බුරුත ලී ගෙන ඇත.මෙහි වියන් චිත්‍රද බුදු රූවලින් නිමකර ඇති අතර ශාලාවේ ගල් විවරයකින් වතුර බිංදුව බැගින් වැටෙන තැන විශාල පාත්‍රයක් තබා ඇත.ජලය මෙසේ පතිත වීම බොහෝ දෙනාට විශ්මයක් හා භක්තියක් ඇතිකරවන්නකි.

*    වළගම්භා රජු විසින් (වට්ටගාමිණී අභය) කරවා ඇති මෙම ලෙන් විහාරය ක්‍රි.ව. 1 වන සියවසයට පමණ අයත්ය.

*        මෙහි ප්‍රධාන ලෙන් 5කි. එනම්,

·         දේව රාජ ලෙන

·         මහා රාජ ලෙන

·         මහා අලුත් විහාරය

·         පශ්විම විහාරය

·         දෙවන අලුත් විහාරය

*        මෙහි සිතුවම් සහ මූර්ති රැසක් හමුවන අතර බුද්ධ ප්‍රතිමා ඇතුළු බෝධිසත්ව හා රජවරුන්ගේ ප්‍රතිමා ඇත.

*   මෙහි ඇති සිතුවම් මහනුවර යුගයට අයත් වන අතර අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන සිතුවම් කොටසක්ද ඇත.

*   මෙහි සිතුවම් ඇඳීමේ ගෞරවය නීලගම සිත්තර පරම්පරාවට හිමිවන අතර මහනුවර යුගයට අයත් මෙම සිතුවම් පහත ලෙස වර්ග කල හැකිය.

·         බෝධිසත්ව චරිත අවස්ථා:   ූවිසි විවරණය

·         බුද්ධ චරිතයේ විවිධ අවස්ථා:  මාරපරාජය, රන්කාසි අතුරා ජේතවනය පූජා ිරීම

·       ඓතිහාසික සිඳුවීම්:  විජයාගමනය, මහින්දාගමනය, ශ්‍රී මහා බෝධිය වැඩම රවීම,එළාර දුටුගැමුණු යුද්ධය

 

මෙම සිතුවම් වල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ වනුයේ,

*        පාර්ශව දර්ශී රූප

*        අඛණ්ඩ කථන ක්‍රමය

*        ද්විමාන ලක්ෂණ සහිත පැතලි වර්ණ භාවිතය

*        වර්ණ සඳහා කහ, කොළ, රතු, කළු, සුදු වර්ණ භාවිතය හා පසුබිම සඳහා රතු වර්ණය

*        වියළි තලයක් මත චිත්‍ර ඇඳීමේ ප්‍රෙස්කෝ සීකෝ ශිල්ප ක්‍රමය

*        රූප වටා බාහිර රේඛා හා ඇතුලත සියුම් රේඛා කරණය

*        පසුබිම අවකාශය පිරවීමට නෙළුම් මල්, පිච්ච මල්, සපු මල්, වැටකේ මල් ආදී මල් යෙදීම

*        සමස්ථ සං‍රචනය තුළ පර්යාලෝක රීතීන් නොසැලකීම 

*        වියන් තලයේ දක්නට ලැබෙන මාර පරාජය සිතුවම ක්‍රියාකාරී ඉරියව් ඇති සුවිශේෂී නිර්මාණයකි.

*        එහි බුදුන් වහන්සේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් දක්වා ඇති අතර පසෙකින් මාර දූවරු හා මාර සේනාව දැක්වීමෙන් ප්‍රකාශනාත්මක බව ත්‍රීව්‍ර වේ.




කාර්ය පත‍්‍රිකාව

ඇගයීම

1)      වලගම්බා රඡ විසින් ක්‍රි.ව පළමු සියවසේදී පමණ කරවන ලද දඹුලු රඡමහා විහාරය සිතුවම් බොහෝ ප්‍රමාණයක් අයත්වන යුගය නම් කරන්න.

……………………………………………………………………………..

2)      ප්‍රධාන වශයෙන් මෙම විහාරය වෙන් කර ඇති ලෙන් 5 සදහන් කරන්න

      1.  .............................................

2.     . .............................................

3.      .............................................

4.     .............................................

5.    .............................................

3)      බුද්ධ ප්‍රතිමා සහ බිතු සිතුවම් දැකිය හැකි දඹුලු ලෙන් මහා විහාරයේ වර්තමානයේ දැකිය හැකි මහනුවර යුගයට අයත් සිතුවම් ඇඳි ශිල්පියා වනුයේ?

     ……………………………………………………………………………..

4)      දඹුලු විහාරයට අයත් සිතුවම් බෙදා දැක්විය හැකි ප්‍රධාන කොටස් 3 නම් කරන්න.

1.      .......................................................

2.     .......................................................

3.    .......................................................

5)      මෙහි දක්නට ලැබෙන සිතුවම් 5 ක් නම් කරන්න.

1.    .......................................................

2.     .......................................................

3.    .......................................................

4.      .......................................................

5.     .......................................................

6)      සිතුවම් ඇද ඇති ශිල්ප ක්‍රමය නම් කරන්න

      ……………………………………………………………………………..

7)      මෙහි සිතුවම් වර්ණ ගැන්වීමේදී භාවිතා කරන ලද වර්ණ මොනවාද?

     ……………………………………………………………………………..

8)      සිතුවම් තලයේ පසුබිම සදහා රතු වර්ණය යොදාගෙන ඇති අතර පසුබිම් අවකාශය පිරවීම සදහා යොදාගෙන ඇති සැරසිලි මොනවාද?

……………………………………………………………………………..

 

9)      දඹුලු විහාර බිතු සිතුවම්හි සුවිශේෂී ලක්ෂණ 4 ක් සදහන් කරන්න.

 

1.      .......................................................

2.      .......................................................

3.    .......................................................

4.      .......................................................

10)  බුදුරඡාණන් වහන්සේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිරූපිත කරන වියන්තලයේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ක්‍රියාකාරී ඉරියව් වලින් යුක්තව නිර්මාණය කර ඇති සුවිශේෂී සිතුවම කුමක්ද? 

     ……………………………………………………………………………..

·         ප්‍රශ්න අංක 11 සිට 16 දක්වා දී ඇති රෑප සටහන් හඳුනාගෙන නම් කරන්න.

11)

..........................................................................


12)


..........................................................................

13)


..........................................................................

14)


..........................................................................

15)


..........................................................................

16)



  

..........................................................................