සැකසුම: අශානි රත්නසූරිය, සුරංගි වීරසේකර,
7.3.1 කාර්ය පත්ත්‍රිකාව- දේශීය සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර ප්‍රධාන කොටස් හතරකි.
- දිව්‍ය
- සත්ව
- උද්භිද
- නිර්ජීවී
- ඉහත සැරසිලි මෝස්තර අතරින් උද්භිද ගණයට අයත් තෝරාගත් සැරසිලි නිර්මාණ කිහිපයක් පිළිබඳ විමසා බලමු.
- පුෂ්ප, පත්‍ර, ඵල උපයෝගී කර ගනිමින් නිර්මාණශීලී ව ගොඩනගන ලද මෝස්තර ඒකක උද්භිද ගණයට අයත් වේ.
- මහනුවර යුගයේ උද්භිද සැරසිලි කල්පිත හා සම්මත ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. පිච්ච මල, නෙළුම් මල, වැටකේ මල, අන්නාසි මල, සපු මල, ලිය වැල හා පලා පෙති සම්මත මෝස්‌තර ලෙස දැක්විය හැකි අතර පරසතු මල, නාරි ලතා මල, කඩුපුල් මල, මහරි හා කතිර මල මෙම යුගයේ යොදා ගත් කල්පිත උද්භිද මෝස්‌තර වෙයි. පරිසරයේදී හමුවන මල් පැලැටි ආශ්‍රයෙන් මෙම මෝස්‌තර නිර්මාණය කර ඇත.
- මෙම නිර්මාණ විහාර බිතුසිතුවම්, ගල් කැටයම් හා ලී කැටයම් සඳහා ද භාවිතා කර ඇත.
- දළදා මාළිගය, ගංගාරාම විහාරය (ලේවැල්ල), දෙගල්දොරු විහාරය ආදී පූජනීය ස්ථානවල මෙන්ම මහනුවර යුගයේ බොහෝ විහාරස්ථාන සිතුවම් වල මෙම මෝස්තර දැකිය හැකිය.
- ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් සඳහාද උද්භිත නිර්මාණ භාවිතා කර ඇත.
- මෙම සැරසිලි බොහෝ විට භාවිතා කරනු ලබන්නේ සිතුවම් වල හිස්තැන් පිරවීමට ය.
අන්නාසි
මල
ස්වභාවික සපු මල ට සමාන ලෙස නිර්මාණය කර ඇත.මහනුවර යුගයේ විහාර බිතුසිතුවම් වල අවකාශය පිරවීමට බහුලව යොදාගෙන ඇත.
වැටකේ මල
සරල රේඛා කරණයක් මගින් ස්වභාවිකත්වයට සමීප ලෙස නිර්මාණය කර ඇති මෝස්තරය ඒකකයකි.නමුත් පූර්ණ වශයෙන් ස්වභාවික නැත. ලංකාතිලකය, මැදවල, දෙගල්දොරුව ආදී විහාරවල වැටකේ මල දැකිය හැකිය.කඩුපුල් මල
පාලි භාෂාවෙන් "කුමුදුප්පල" ලෙස ද සිංහල භාෂාවෙන් "දිවමහනෙල්" ලෙස ද හඳුන්වා ඇත.මල් පොහොට්ටු,ලියපත්,අරිම්බු හා පතුරු යන හැඩ භාවිතා කර මේ නිර්මාණය කර ඇත. කඩුපුල් නා ලොවට අයත් පුෂ්පයක් ලෙස සංකල්පයක් පවතියි.නිර්මාණකරණයේදී මෙය හිස්තැන් පිරවීම සඳහා යොදාගෙන තිබෙයි. කහ, රතු, කළු යන වර්ණවලින් මෙය අලංකාර ලෙස වර්ණගන්වා තිබෙයි.
ස්වභාවික පිච්ච මලේ මූලික හැඩය ගෙන නිර්මාණය කර ඇත. පිච්ච මල උතුම් මලක් ලෙස සැලකෙන නිසා දේව රූප පසුබිම සඳහා යොදාගෙන ඇත.බොහෝ විහාරවල පින්සල පමණක් භාවිතා කොට කළු පසුබිමක සුදු පැහැයෙන් මෙම මල ඇඳ ඇත.
මේ සැරසිල්ල පහත රට ප්‍රදේශයේ දී හඳුන්වන්නේ "කිණිහිරියා"නම් නමිනි.ලී කැටයම් අතර බහුලව දැකිය හැකිය .ඇම්බැක්කේ දේවාලයේ කණු වල පේකඩ බිනර මල් කැටයම් කර තිබේ.
මෙය "කතිර මල" ලෙස ද හඳුන්වයි.අන්නාසි මලට සමාන කමක් දක්වයි. නමුත් අන්නාසි මලමෙන් සුපිපුනු මලක් නොව පිපීගෙන එන පෙති හයකින් යුතු මලකි. මැද පිහිටා ඇති පෙති, කතුරක් හෝ කතිරයක් සේ විහිදී ඇත. මල මැද කර්ණිකා ලක්ෂණයකි.
සිංහල සැරසිලි කලාවේ මූලික අභ්‍යාසයක් වන වකදෙක හා ලිය පත මෝස්තරය ඇසුරින් නිර්මාණය කර ඇත. දඹුලු විහාරයේ සීන මල් මෝස්තර රාශියක් දැකගත හැක.
පලාපෙති
නෙළුම් පෙති උපයෝගී කරගෙන මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය කර ඇත. බොහෝ විට මෙම නිර්මාණය භාවිතා කර ඇත්තේ වාටියක් හෝ අයිනක් සැරසීමටය.පලාපෙති මෝස්තර විශාල සංඛ්‍යාවක් ඇති අතර යොදන ස්ථානය හෝ භාණ්ඩයේ හැඩය අනුව මෝස්තරය සකසා ගනියි.ලියවැල්
මල්, කොළ, ගැට, කරු ආධාරයෙන් ලියවැල ගොඩනඟා ඇත.තනි වැල, වැල් දෙක, ලොකු හෝ කුඩා ලෙස සරලව මෙන්ම සංකීර්ණ වද ලියවැල් මොස්තර දැක ගත හැකිය.සුලිවැලේ ආභාෂයෙන් ගොඩනැගුණු නිර්මාණයක් බව හඳුනා ගත හැකිය. භාවිතා කරන හැඩතලය ට ගැලපෙන ලෙස නිදහසේ ලිය වැල් නිර්මාණය කර ඇත.1) සාම්ප්‍රදායික සැරසිලි කොටස් කීයද? නම් කරන්න.
2) උද්භිත මෝස්තර යනුවෙන් හඳුන්වන්නේ මොනවාද?
3) උද්භිත සැරසිලි නිර්මාණ කොටස් දෙකකි.ඒ මොනවාද ?
4) එම කොටස් දෙකට අයත් සැරසිලි වෙන වෙනම නම් කරන්න
5) සිංහල භාෂාවෙන් "දිව මහනෙල්" ලෙස ද පාලි භාෂාවෙන් "කුමුදුප්පල" ලෙසද හඳුන්වන්නේ කුමන සැරසිලි මෝස්තරය ද ?
6) පලාපෙති මෝස්තරය බොහෝවිට යොදාගත් අවස්ථා දෙකක් නම් කරන්න.
7) ලියවල් මොස්තරය නිර්මාණය සඳහා ආධාර කර ගත්තේ මොනවාද?
8) මෙම සැරසිලි දැකිය හැකි විහරස්ථාන තුනක් නම් කරන්න.
9) ලී කැටයම් සදහා මෙම සැරසිලි යොදා ගත් ස්ථානයක් නම් කරන්න.