Monday, May 4, 2020

පංති කාමරයේදී පාඩමට අදාල කෙටි සටහනක් සකස් කරමු.

(සැකසුම;  චිත්‍ර කලා ගුරු උපදේශක;    ජී .ඩබ්.බී .එස්  .සුරංගි වීරසේකර. හොරණ අධ්‍යාපන කලාපය) 

 **පාඩමට අදාල කෙටි සටහනක් පිළිබඳව මීටපෙර අප වෙනම අධ්‍යනය කර නොතිබුනත් එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මේ පළිබඳ සටහන් නොවුනත් මේ ගැන අපගේ අවධානය යොමු කල යුතුවේ. කියවිම් පත්‍රිකා ඇසුරෙන් පාඩම් සංවර්ධනය ගුරුවරයා විසින් සිදු කලත් කාර්ය පත්‍රිකාවට අදාල ප්‍රශ්න වලට පිළිතුරු සිසුන් විසින් සැපයුවත් පාඩමට අදාලම කරුණු සමහර විට සිසුන්ගෙන් ගිලිහීයාමට ඉඩකඩ ඇත.එබැවින් පාඩමට අදාලව කෙටි සටහනක් ගුරුවරයා විසින් දිය යුතු යැයි සිතුනේ සමහර සිසුන්ගේ පොත් නිරීක්ෂණයේදී “කියවිම් පත්‍රිකාව’’යනුවෙන් පාඩමේ මාතෘකාවට යෙදු අවස්ථාද තිබු අතර ගුරු අත්පොතෙහි කියවිම් පත්‍රිකාව සම්පූර්යෙන්ම සටහන් පොතෙහි තිබීමයි.

**කෙටි සටහන සකස් කිරීම සඳහා අප විසින් 8 ‍‍ශ්‍රේණියට අදාල ‘ හින්දු ප්‍රතිමා වල ආසන, ආසන ක්‍රම හා මුද්‍රා අධ්‍යනය කරමු.” යන පාඩම ගතහොත්  ගුරු අත්පොතෙහි ඇති රූප සටහන් ඇසුරින් පාඩම් සංවර්ධනය වඩාත් වැදගත්වේ. වෙනත් පොත් වල තිබෙන රූපසටහන් හෝ විෂය කරුණු අදාල කර ගැනීමට හැකි නමුත් එසේ විය යුත්තේ ශ්‍රේණියට අදාල නිපුනතා මට්ටමට ගැලපෙන ආකාරයටය. සටහන් පොතට එක් කිරීමේදි ගුරැ අත් පොතට අයත් රූප සටහන් එක් කිරීම වැදගත්වේ. එනම් වාර විභාග හෝ අ. පො. ස. ( සා. පෙ. ) විභාගයේදී අදාල කර ගන්නා රූප සටහන් බොහෝ විට ගුරු අත්පොතට අදාල වීම හේතුවෙනි‍.

**පාඩම් සංවර්ධනයේදී කියවිම් පත්‍රිකා සිසුන් අතට පත්කර පාඩම් සංවර්ධනය සදහා යොමු වන බව අප සියඑ දෙනාම දනිමු.එහිදී හින්දු ප්‍රතිමා වල ආසනය , ආසන ක්‍රම,හා මුද්‍රා පිළිබඳව කෙටි සටහන දී ඊට ඉදිරියෙන් සිසුන් ලවා ඊට අදාල රූප සටහන අතින් ඇඳීමට සැලස්විය යුතුය.කිසිවි‍ටෙකත් රූප ඇලවීම නොකරන්න.
සමහර සිසුන්ගෙ පොත්වල සටහන වෙනමත් රූප සටහන් වෙනත් තැනකත් දක්නට ඇති අවස්ථා ඇත. එසේම ප්‍රශ්න වලට පිලිතුරැ සැපයිමේදි ප්‍රහ්න වෙන තැනකත් අදාල උත්තරය වෙන තැනකත් දක්නට ඇති අවස්ථා ඇත.  
එමඟින් කරැණු කීපයක් අනාවරණයවේ.  එනම් ඇස නිතරම රූපසටහන් වෙත යොමුවන විට ඊට අදාල සටහනද මතකයේ රැදී පවතී. තවද රූපසටහන් ඇදීමෙන් රේඛාවේ නම්‍යශීලි බව හැඳිනීම හා රේඛාව හැසිරවීම පිළිබඳව ප්‍රගුනතාවයක් ලැබීමට සාධකයක් වේ. එසේම තවත් වැදගත් සාධකයක් වන්නේ විභාග ප්‍රශ්නපත්‍ර වලදී වචනයක් දී වාක්‍ය සම්පූර්ණ කිරීමට දීමේදී වචනය හදුනනවිටම එහි අර්ථය පිළිබඳ මතකය ආවර්ජනය ව්මයි.

උදා:- ලෝලහස්ත මුද්‍රාව :-.......................................................................ආදී වශයෙනි.තවද සටහන ගොනු කිරීමේදී ඔබ විසින්  විෂය කරුණු වරින් වර මතක් කරදී සිසුන්ටම සටහන ගොනුකිරීමට අවස්ථාව ලබා දීම වැදගත්ය. මෙය 6 ග්‍රේණියේ සිටම ක්‍රම ක්‍රමයෙන් සිසුන්ට හුරු කරන්නේ නම් ඉභළ ශ්‍රේණි වලට යාමේදී එයට අනුගතවේ.  මෙය උත්සාහ කර බලන්න.

සටහන :- 

            හින්දු ප්‍රතිමා වල ආසන , ආසන ක්‍රම හා මුද්‍රා

ආසන වර්ග :- ප්‍රතිමාව වැඩ සිටින පීඨය ආසනය ලෙස හැදින්වෙන අතර පද්මය හා භද්‍රය යන ආසන හින්දු ප්‍රතිමා වල  බොහෝ විට දැකිය හැකි ආසන වර්ග වේ. පද්මාසනය නෙළුම් මල් පෙති වලින් අලංකරණය කරනලද ඕවලාකාර හැඩයක්ද භද්‍රාසනය චතුරස්‍රාකාර හැඩයක්ද ගනී.
ආසන ක්‍රම :- දෙපා පිහිටුවා ඇති ආකාරය ආසන ක්‍රමය වේ. 

**ලලිත ආසන :- 

පීඨය මත හිඳ සිටින ඉරියව්වක් වන           
අතර එක් පාදයක් නවා අනෙක් පාදය 
නිදහසේ පහතට දමා සිටී. පාර්වතී, හා 
සරස්වතී දේවිය මේ ඉරියව්වෙන් යුතුය. 




**රාජලීලාසනය :-                                                 

වම් පය තිරස් අතට නමා , දකුණු පය සිරස්
 ව නමා ඒ මත දකුණු අතේ වැළමිට තබා 
ගෙන සිටින ආකාරයි.




**පර්යංක ආසන :-                                                                                   
මෙහිදී දෙපා නවා පහත තබාගෙන පුටුවක හිඳ 
සිටින ඉරියව්වකි. 






**මුද්‍රා :-                                                              

දෑත් නිරූපනය කර ඇති ආකාරය මුද්‍රාව වේ.ප්‍රතිමාවක භාව ප්‍රකාශනය හා සමස්ත ගුණය සංකේතාත්මක වශයෙන් මුද්‍රා කීපයකි .


**අභය මුද්‍රාව :-


නිදහස හා ආරක්ෂාව ලබා දීම
සංකේතවත්  කරයි. 








**ගජ හස්ත මුද්‍රාව :-


බාධක ඉවත්වී නිදහස ලැබීම     
සංකේතවත් වේ. 






**නමස්කාර මුද්‍රාව / අංජලී මුද්‍රාව. :- 

ආයාචනය, ප්‍රාර්ථනය හා වැදීම         
 යන අදහස් නිරූපනය වේ. 






** වරද මුද්‍රාව :-


වරයක් දීම මින් සංකේතවත් කරයි.  








** විතර්ක මුද්‍රාව :-                                 

ගැටළුවක් විසදන අවස්ථාවක්          
 මුද්‍රාවෙන් නිරූපිතය.







**කටක හස්ත මුද්‍රාව:-                                                     
බොහෝ විට ත්‍රිභංග ලක්ෂණ සහිත          
 රූප වල හා ස්ත්‍රෝකරැවන්ගේ රූපවල
 දැකිය හැකිය. 







** ලෝල හස්ත මුද්‍රාව :-                                               


තැන්පත් බව සංකේතවත් වන
 අතර කාන්තා දේව රූප වල           
බහුල වශයෙන් යෙදේ.




ඇගයිම: 

**හින්දු ප්‍රතිමා වල ආසන , ආසන ක්‍රම හා මුද්‍රා
·
       පහත සදහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
1.හින්දු ප්‍රතිමා වල ආසන “වර්ග” මොනවාද?
2.මෙම ප්‍රතිමා වල ආසන ක්‍රම 3ක් හඳුන්වන්න.
3.ඒවායේ රූපසටහන් ඇඳ නම් කරන්න.
4.මුද්‍රා යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
5.හින්දු ප්‍රතිමාවල මුද්‍රා කීපයක් නම් කරන්න.
6.මෙම මුද්‍රා පිලිබඳ කෙටි හැඳින්වීමක් සමඟ රූපසටහන් ඇඳ නම් කරන්න.
7.ලෝලහස්ත මුද්‍රාව බොහෝවිට දක්නට ඇත්තේ කිනම් දේව රූප වලද?