Tuesday, May 19, 2020

6.1.2 තෛපොංගල් උත්සවය ආශ්‍රිත චිත්‍රමය අංග හඳුනා ගනිමු.

සැකසුම;    සුරංගි වීරසේකර.

*හින්දු දින දර්ශණයට අනුව නව අවුරුද්දක ආරම්භය සනිටුහන් කරන තෛපොංගල් දිනය ද්‍රවිඩ ජනතාව සමරනු ලබන වඩාත් උත්කර්ෂවත්ම උත්සව අතරින් ඵකකි. ගතවූ වසරේ තම කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් සූර්ය්‍යයා ගෙන් ලැබුණ උපකාරයට කෘතගුණ සැළකීමක් වශයෙන් සූර්ය්‍ය දෙවියන්ට වන්දනාමාන කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අරමුණයි. එහිදී උදෑසනම කෝවිල් වෙත ගොස් දේවආශිර්වාදය ලබාගන්නා ද්‍රවිඩ ජනතාව සූර්ය්‍ය වන්දනාවෙන් අනතුරුව කිරි උතුරවා පොංගල් බත සකස් කිරීම ප්‍රධාන චාරිත්‍රයකි. පොංගල් යනු ජනවාරි මාසයේ සූර්ය්‍ය දිව්‍ය රාජයාට පූජා කිරීම සඳහා පිළියෙළ කරණ විශේෂ කිරිබතයි. අළුත් වී අස්වැන්න ලබාගත් විගසම ඒවායින් සහල් ලබාගෙන කිරිබත් පිස හිරුදෙවියන්ට පූජා  කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණකි. ඒ අනුව “තෛපොංගල්” යන්නෙහි අදහස, තුති පිදීම යන අදහසයි.


  •      තෛපොංගල් උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයකි.
  •      දමිල අවුරුදු ක්‍රමය අනුව වසරේ පළමුවන මාසය සඳහා “තෛ” යන නාමය භාවිතා වේ.
  •      මෙම උත්සවය ජනවාරි “තෛ” මාසයේ 14 හෝ 15 දින පැවැත්වේ.
  •      අලුත් සහල් අලුත් මැටි මුට්ටියක දමා පිළියෙල කර කිරි ඉතිරවීම “පොංගල්” යනුවෙන් හැඳින්වේ.

     

  •        ගෙබිම පිරිසිදු කර ප්‍රධාන දොරටුවට බද්ධවන සේ සිටුවන ලද කෙසෙල් ගස් දෙකකින් තොරණක් සාදනු ලබයි.




  • ගෙබිමමැද කහ කුඩු සහ සහල් පිටිවලින් කෝලම් රටා නිර්මාණය කිරීම විශේෂ අංගයකි.එම කෝලම් රටා කීපයක් පහතින් දැකවේ.


















          *       කෝලම් රටාවේ මැද ලිපක් බැඳ පූර්ණ කුම්භ (පුන් කලස්) සාදා පහනක් තබා කිරිබත් පිළියෙල                       කොට හිරු නැග එත්ම කිරි, උක් හකුරු, පලතුරු සහ වී තබා හිරු දෙවියන්ට පූජා පවත්වයි.එහි                         අදහස තමන්ගේ අස්වැන්න ලබා ගැනීමට උපකාරී වූ හිරු දෙවියන්ට කෘතගුණ සැළකීමයි.




6.1.2. ඇගයීම.

1).දමිල අවුරුදු ක්‍රමය අනුව “තෛ’’ මාසය ලෙස හැදින්වෙන්නේ කිනම් මාසයද ?
2). තෛපොංගල් උත්සවය වැදගත් වන්නේ ඇයි ?
3). තෛපොංගල් උත්සවය විචිත්‍රවත් කරන සැරසිළි හදුන්වන්න.
4).මෙම සැරසිළි සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය නම් කරන්න.
5). මෙම උත්සවය පවත්වනු ලබන්නේ කුමන දෙවියන් උදෙසාද?
6). තෛපොංගල් උත්සවයේ කෝලම් රටාවක් ඇඳ වර්ණ කරන්න.
7). අළුත් සහල් අළුත් මුට්ටියක දමා සාදාගන්නා කිරිබත හදුන්වනු ලබන්නේ කිනම් නමකින්ද?