Tuesday, May 19, 2020

6.1.3. දානය, දයාව පිරි රාමසාන් උත්සවය.

සැකසුම;    සුරංගි වීරසේකර.
*ඉස්ලාම් දිනදර්ශණයට අනුව  නමවන මාසය රාමසාන් මාසය වන අතර නව සඳ දැකීමත් සමඟ  මුස්ලිම් වරුන්ගේ රාමසාන් උපවාසය ආරම්භ වේ. රාමසාන් උපවාසය සෑම මුස්ලිම් වරයෙකුම නිරත විය යතු බව අල් කුරාණයේ සදහන්වේ. රාමසාන් උත්සවය එක්එක් අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස් වන අතර උත්සවයේ ආරම්භක දිනය හා අවසාන දිනය තීරණය කෙරෙන්නේ චන්ද්‍රයාගේ දර්ශණය පාදක කරගෙනය. මෙම උත්සවයේ අරමුණ උපවාස ශීලය රැකීමයි. මසක් පුරාවට උපවාස ශීලය රැකීමෙන් කුසගින්න යනු කුමක්දැයි හරිහැටි ප්‍රත්‍යක්ෂ වීමෙන් අසරණ දිළිඳු හා රෝගී ජනතාවගේ දුක තේරුම් ගැනීම මෙහි අදහස වේ. එබැවින් දුගී ජනයාට ධර්මයේ නියමිත පරිදි ආහාරපාන ආදිය හෝ ඒවා මිලදී ගැනීමට මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීමයි. 

    *       ඉස්ලාම් ප්‍රජාවට සුවිශේෂ වූ උත්සවයකි.
    *       ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මාසය වන රමලාන් මාසයේ මුල් සඳ දුටු දින සිට දසවන මාසය වන             ෂව්වාල් මාසයේ මුල් සඳ දක්වා දින 29 හෝ 30ක් උපවාස කාලයකින් පසුව රාමසාන් උත්සවය එළඹේ.
    *       මෙම උපවාසය “සව්ම්” යන අරාබි වහරෙන් හඳුන්වයි.
    *       සව්ම් සමාදන් වීම මගින් කුසගින්නේ කුරිරු බව අවබෝධ කර ගනී.
    *       මෙම කාලයේ බහුල වශයෙන් “(z)සකාත්” යන අනිවාර්ය දානය ද, “සදකා” යන අනිවාර්‍ය නොවන                 දානය ද මුස්ලිම්වරුන් විසින් දෙනු ලැබේ.
    *       නව සඳ දැකීමෙන් උපවාස කාලය අවසන් වේ.
    *       උපවාස කාලය අවසන් වීමත් සමඟ මස්ජිදයට (දේවස්ථානය) ගොස් යාඥා කර රාමසාන් උත්සවය                 පවත්වයි.
    *       රාමසාන් උත්සව දිනයේ කෙරෙන මහත් සත්ක්‍රියාවකි “සකාතුල් ෆිත්‍රා” දානය දීම.
    *       (සව්ම්) උපවාසයේ යෙදීම මගින් දිළින්දන්ට පිහිටවීම, සිත් දමනය කර ජීවත් වීමට පුහුණුව, ඉවසීම,                 යහපත් විනය, වැනි යහපත් ගුණාංග සහ යහපත් ආකල්ප  වර්ධනය වේ.

6.1.3. ඇගයීම.

1). රාමසාන් උත්සවය කිනම් ආගමකට අයත් උත්සවයක්ද?
2). රාමසාන් උත්සවයේ “උපවාසය’’ අරාබි භාෂාවෙන් හදුන්වන්නේ කිනම් නමකින්ද?
3). උපවාසය යෙදෙන කාලය තුල කිසිඳු ආහාරපාන ගැනීමකින් තොරව සිටීමෙන් ඔවුන් අවබෝධ කරගන්නේ කුමක්ද?
4). ඉස්ලාම් ආගමට අයත් ආගමික ග්‍රන්ථය කුමක්ද?
5). මුස්ලිම් භක්තිකයන්ගේ දෙවියන් වශයෙන් සැළකෙන්නේ කවුරුන්ද?
6). රාමසාන් උත්සව දිනයේ මහත් සත්ක්‍රියාවක් සේ සළකන” දානය” කිනම් නමකින් හැදින්වේද?