සැකසුම: සී.පී.ජයකොඩි , සුරංගි වීරසේකර
6.1.4 කාර්ය පත්ත්‍රිකාව
1900 වර්ෂයේ මාර්තු 5 වන දිනදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඇල්ලෝරාහීදී මිෂනාරි පවුලකට දාව ඩේවිඩ් පේන්ටර් උපත ලැබී ය. ඔහුගේ පියා ගැලවීමේ හමුදාවේ යුරෝපීය ජාතිකයෙකු වූ අතර මව දකුණ පළාතේ සිංහල කාන්තාවක් වූවාය. පසුකාලීනව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ පේන්ටර් මහනුවර ත්‍රිත්ව විදුහලෙන් සිය අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 19දී එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය.
ඩේවිඩ් පේන්ටර් විසින් නිර්මාණය කල මුල්ම බිතු සිතුවම් වන්නේ 1929-1933 අතර කාලය තුල දී ත්‍රිත්ව දෙව් මැදුරේ ඇඳි සිතුවම් වේ.
1946 වර්ෂයේ නවදිල්ලියේ පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයේදී විශ්ෂ්ඨතම චිත්‍ර ශිල්පියාට හිමි සම්මානය ඩේවිඩ් පේන්ටර් විසින් හිමිකර ගන්නා ලදී. 1956 දී ඔහු මෙරට රජයේ ලලිත කලායතනයේ දෙවැනි විදුහල්පති බවටද පත් විය.
*
ලංකා කලා සංගමයේ චිත්‍ර
ශිල්පියෙකු වන ඩේවිඩ්
පේන්ටර් ක්‍රිස්තියානි සිතුවම් කලාව නව මගකට යොමුකල ශිල්පියෙකි.
*
ඉංග්‍රීසි ජාතික
මිෂනාරි පියෙකුට හා සිංහල මවකට දාව 1900 දි උතුරු ඉන්දියාවේ ඇල්මෝරාහිදි උපත ලැබීය.
*
මූලික අධ්‍යාපනය
මහනුවර ත්‍රිත්ව විද‍්‍යාලයෙන්ද පසුව එංගලන්තයේ රොයල් ඇකඩමියේ හා ඉතාලියට ගොස්
ලබාගත් අධ්‍යාපනය නිසා යුරෝපීය ශාස්ත්‍රාලීය කලාව හා බැදි සම්මත මූලධර්ම හා න්‍යායන්
හදාරනු ලැබීය.
*
ඒ අනුව යුරෝපීය ශාස්ත්‍රාලීය
චිත්‍ර කලාවේ ස්වභාවිකවාදී චිත්‍ර කලා ආභාසය සහිතව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක්
නිර්මාණය කරගෙන ඇත.
*
ඔහුගේ නිර්මාණ සදහා
වස්තු විෂය වූ තේමා ලෙස,
·
ප්රතිරූප
·
භූමි දර්ශන
·
මානව රූප සම්පිණ්ඩනය
·
ත්‍රිත්ව
දෙව්මැදුරේ බිතු සිතුවම්
ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ ශෛලිය හා චිත්‍ර මූලිකාංග සංරචනය
කිරිමේ ලක්ෂණ
*
ජීවගුණය හා
කායික සුන්දරත්වය පිළිබිඹු කිරිම.
*
චිත්‍රයේ
ගැඹුර පර්යාවලෝක ලක්ෂණ නිරූපණය.
*
මිනිස් ඉරියව්
ලාලිත්‍යයෙන් හා හැගීම් ප්‍රකාශනයෙන් යුතු වීම.
*
ත්‍රිමාන ලක්ෂණ
සහිත දීප්තිමත් වර්ණ මාලාවක් යෙදීම.
* ක්‍රිස්තියානි තේමා නිරූපණයේදි යුරෝපීය සංස්කෘතික හා භූතලය වෙනුවට ලාංකීය සමාජ පසුබිම නිරූපණය.
ජයග්‍රාහී ලෙස ජෙරුසෙලමට ඇතුළු වීම
*
කැන්වසය මත
තෙල්සායමින් කරන ලද මෙම සිතුවම ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත.
*
මානව රූප ඉරියව් කායික සුන්දරත්වය හා ලාලිතයෙන් යුතුව හැගීම් ප්‍රකාශන සහිතව දක්වා
ඇත.
*
තලය මත රූප සංරචනයේදී පෙර බිම, මැද බිම, පසුබිම මත රූප පිහිටුවමින් චිත්‍රයේ ගැඹුර, පර්යාවලෝක ලක්ෂණ දක්වා ඇත.
*
ත්‍රිමාන ලක්ෂණ
සහිත රෝස පැහැයෙන් යුතු දීප්තිමත් වර්ණ මාලාවක් යොදා ඇත.
*
පසුබිම සදහා
ඇත්තේ ජෙරeසරම කාන්තාරය
වෙනුවට ලාංකීය වියලි කලාපීය කදු සහිත භූ පරිසරයකි.
යහපත් සමරිතානුවරයා
*
මහනුවර ත්‍රිත්ව
දෙව්මැදුරේ දැකිය හැකි සිතුවමකි.
*
ජේසුස් වහන්සේ
විසින් දේශනා කරන ලද උපමා කතාවක අවස්තාවකි.
*
යහපත්
සමරිතානුවරයා පහරදීමකට ලක් වී තුවාල ලැබූ පුද්ගලයෙකු හට පිහිට වන ආකාරය නිරූපිතයි.
*
මහනුවර ත්‍රිත්ව
දෙව්මැදුරේ සිතුවම් වල විශේෂත්වය වන්නේ යුරෝපීය සංස්කෘතිය හා භූ තලය වෙනුවට ලාංකේය සමාජ පසුබිම නිරූපනය කර තිබීමයි.
*
ලාංකේය මිනිස්
රූප, ඇදුම්
පැලදුම්, පරිසර ස්වභාවය චිත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණයෝ ය.
*
යුරෝපීය ශාස්ත්‍රාලීය
චිත්‍ර කලාවේ සංරචන සිද්ධාන්ත ලක්ෂණ වන ගැඹුර නිරූපණය, පර්යාවලෝක ලක්ෂණ හා ත්‍රිමාන ලක්ෂණ භාවිතය චිත්‍ර තුළ දැකිය හැක.
කාර්ය පත්‍රිකාව
v පහත කරුණු යටතේ ඩේවිඩ් පේන්ටර් ශිල්පියාගේ නිර්මාණ ඇගයීමට ලක් කරන්න.
ශෛලිය: ........................................................................
ආභාසය:
........................................................................
ශිල්ප ක්‍රමය: ...................................................................
වර්ණ භාවිතය: ...............................................................
භාව ප්‍රකාශනය: ..............................................................
(ජයග්‍රාහී ලෙස ජෙරුසෙලමට ඇතුළු වීම)
ශෛලිය:
.....................................................................................
ආභාසය:
.....................................................................................
ශිල්ප ක්‍රමය:
................................................................................
තලය භාවිතය:
..............................................................................
භාව ප්‍රකාශනය:
...........................................................................
(යහපත් සමරිතානුවරයා)
1)
ඩේවිඩ් පේන්ටර්
ශිල්පියා තම නිර්මාණ සදහා ............................... වාදී චිත්‍ර කලා ආභාසය
අනුගමනය කර ඔහුටම ආවේණික ශෛලියකට සිතුවම් නිම කර ඇත.
2) ඔහුගේ නිර්මාණ සදහා වස්තු විෂය වූ තේමා 3ක් නම් කරන්න.
1.
................................................
2.
................................................
3. ...............................................
3)
සිතුවම් නිර්මාණයේදී
රතේමා සදහා යොදා ගත්තේ .......................................... ආගමට අයත් තේමාවන්ය.
4)
මෙම සිතුවම්
නිර්මාණයෙදී සුවිෂේශීතාවය වන්නේ යුරෝපීය ලක්ෂණ වෙනුවට මානව රූප හා සිතුවම් පසුබිම
සදහා .............................................. සමාජීය ලක්ෂණ නිරූපනය කර
තිබීමය.
5)
“ජයග්‍රාහී ලෙස
ජෙරුසෙලමට ඇතුලුවීම” යන සිතුවම ................................ මාධ්‍යයෙන්
නිර්මාණය කර ඇත.
6)
මෙම සිතුවමෙහි වර්ණ
සදහා ............................. පැහැයට හුරු දීප්තිමත් වර්ණ මාලාවක් භාවිතා කර
ඇත.
7)
යහපත් සමරිතානුවරයාගේ
සිතුවම දැකිය හැකි වනුයේ ..................................... දෙව් මැදුරෙහිදීය.
8)
යහපත් සමරිතානුවරයාගේ
සිතුවම තුලින් නිරූනපනය වන්නේ උපමා කතාවක එන යහපත් සමරිතානුවරයා
.................................... පුද්ගලයෙකුට පිහිට වන ආකාරයයි.
9)
මෙම සිතුවමෙහිද
යුරෝපීය කලාවේ සංරචන ලක්ෂණ වන ගැඹුර නිරූපනය වන
..................................... ලක්ෂණ හා ත්‍රිමාන ලක්ෂණ භාවිතය දැකිය හැකි
වීමයි.
10) මෙම සිතුවම්
දෙකම නිර්මාණය කිරීමේදී මානව රූප වල ජීවී ගුණය හා .......................
සුන්දරත්වය මැනවින් පිලිබිඹු කර ඇත.









