Thursday, November 26, 2020

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නිර්මාණ අගයමු

 සැකසුම:ඩී.පී.ආර්ටිගල.සුරංගි වීරසේකර

7.3.1 ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නිර්මාණ අගයමු

මෙම ශිෂ්ටාචාරය මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර වශයෙන් ද හඳුන්වනු ලබන අතර ක‍්‍රි.පූ. 3250 - 2750 අතර කාල වකවානුවට අයත්ය. හින්දි භාෂාවෙන් මෙහොන් - ජො දාරෝයනු මලවුන්ගේ ගොඩැල්ලයි. එය වර්තමාන පකිස්ථානයට අයත්වේ. මෙම ශිෂ්ටාචාටරයට අයත් නගර වැසියන් උසස් කලා කෞශලයෙන් යුත් පිරිසක් බව හමුවූ ද්‍රව්‍ය හා මෙවලම් වලින් පැහැදිලි වේ. කලා නිර්මාණ අතර ගල් හා ලෝහ ප‍්‍රතිමා, ආභරණ හා මෙවලම්, මුද්‍රා, සෙල්ලම් බඩු, වාස්තු විද්‍යා නිර්මාණ විශේෂවේ.

 ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මූර්ති

පූජක රුව


·         මොහෙන්ජොදාරෝ නගරයෙන් සොයාගත් මෙයින් පුරුෂයකුගේ උඩුකය ජීවමානව කෙනෙකු නිරූපණය කිරීමට ගත් උත්සාහයකි.

·         සෙ.මී. 19 ක් උස ය. සුදු හුණු ගලින් නිමවා ඇත.

·         මෙයින් පූජකවරයකු නිරූපණය වන බව සාමාන්‍ය පිලිගැනීමයි.

·         ඒකාංශ කරන ලද ස`ඵව, අඩවන් දෙනෙත් හා හිස අඩක් මුඩු කොට තීබීම මෙම රූපය භාවනානුයෝගී පූජක රුවක් ලෙස හැ`දින්වීමට හේතු වී ඇත.

·         ඒකාංශ කරන ලද ස`ඵවෙහි පෙති තුනක මලක හෝ කොලයක හැඩය ගත් රටාවකින් සරසා ඇත.

නලලත මත ගාංචුව සහිත නලල් පටියකි. ශෛලීගත සම්ප‍්‍රදායක් අනුව නිරූපණය කරන හැඩතල මෙහි දක්නට ඇත

නළඟන රුව

·         දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති හරප්පාවෙන් හමු වූ ලෝකඩ නළගණ රුව අගනා කලා නිර්මාණයකි.

·         ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක‍්‍රමයෙන් පූර්ණ උන්නතව උස අ`ගල් 4 1/2 කින් කාන්තා නාරි දේහයේ ලාලිත්‍ය මනාව මතු කොට දක්වා ඇත.

·         කෙස`ග නග්න රුවකි. ඇස් අඩවන් ය, ප‍්‍රකෝපකාර ඉරියව්වකින් සිට ගෙන එක් අතක් ඉනෙහි තබාගෙන එක් කකුලක් අඩක් නැමී සිටින ආකාරයෙන් නිමවා ඇත.

·         ගෙල බැඳි මාලයත්, දෙඅත්හි ඇති වළලූත් මෙහි දැකිය හැකි ආභරණයන් ය. මෙයින් දෙවොලක ර`ගන ස්ත‍්‍රියක් නිරූපණය වේ යැයි මතයකි.

රතු වැලිගලින් කළ කවන්ධ මිනිස් රුව

  •   මෙය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ හරප්පාවෙන් හමු වූ උසස් කලා කෘතියකි.
  •  ග‍්‍රීක සම්භාව්‍ය කෘතිවල මූර්තිමය ලක්ෂණ දක්නට ඇත.
  •  මූර්තිය මනාව ඔපමට්ටම් කිරීමෙන් මස් පි`ඩුවල ස්වභාවිකත්වය පෙන්නුම් කර ඇත.
  •  `ගල් 4 (සෙ.මී.10* පමණ උස, රතු පැහැති හුණු ගලින් පූර්ණ උන්නතව නිමවා ඇත.
  • මෙම මූර්තියෙන් අරෝහ පරිනාහ පුරුෂයකුගේ ලක්ෂණ නිරූපණය කරයි.
  •  නග්න රුවක් වන මෙය ශිවගේ මූලාදර්ශ නිර්මාණයක් වශයෙන් හඳුන්වයි. ඊට හේතු වශයෙන් මූර්තියේ අත් හතරක සාධක දක්වයි. හිස අත් පා නොමැත.
  •  හිස සහ අත් පා වෙන ම කොටස් වශයෙන් තනා තිබෙන්නට ඇති බව පෙනේ. මෙම කොටස් සවිකිරීම සඳහා සිදුරු භාවිත කොට ඇති බව දැකිය හැකි ය.

අළු වැලිගලින් කළ කවන්ධ මිනිස් රුව


  • හරප්පාවෙන් හමුවන මෙම කවන්ධ මිනිස් රුව පූර්ණ උන්නත ශිල්ප ක‍්‍රමයට අළු වැලි ගලින් නිර්මාණය කර ඇත.
  •  උස සෙ.මී. 10 කි. වම් කකුල ඉහලට ඔසවාගෙන සිටින නර්තන විලාශයක් පෙන්නුම් කෙරේ.
  •  මෙයින් ශිව දෙවියන්ගේ එක් වේෂයක් වන නටරාජ නර්තන ස්වරූපය පෙන්නුම් කරන බව විචාරක අදහසයි.
  •  ග‍්‍රීක, රෝම, සම්භවය මූර්ති නිර්මාණවල දක්නට ලැබෙන ස්වභාවික තාත්වික ලක්ෂණ මෙම කවන්ධ රූපයෙන් ප‍්‍රකට කෙරේ.

 

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මුද්‍රා

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආශ‍්‍රිතව මුද්‍රා 2000 කට අධික සංඛ්‍යාවක් හමු වී ඇත. මෙම මුද්‍රා දිගටි, අටපට්ටම් හා සතරැස් ආදී හැඩවලින් යුක්ත වේ. මෙම මුද්‍රා මත රූපවලට අමතරව අක්ෂර දක්නට ඇති ඇත. මෙමගින් ඉන්දු නිම්න වැසියන්ගේ ආගමික ඇදහිලි, විශ්වාස පිලබිඹු කරන බව විද්වත් මතයයි.

මොල්ලිය සහිත ගව රූපය

·         මෙහි ගවයාගේ ගති ස්වභාවය ඉතාමත් තාත්වික ලෙස නිරූපණය කර තිබේ.

·         පාර්ශවදර්ශී ස්වරූපයෙන් යුතු ගව රූපයේ ශරීරාංග තුළින් ශක්තිය තේජස හා ජව සම්පන්න බව හොඳින් ඉස්මතු වී පෙනේ.

·         ශිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයා මින් සංකේතවත් කරන බව අදහස් කෙරේ.

·         බෙල්ලේ රැළි ශෛලීගත රටාවෙන් නිරූපණය කර ඇත. ගෙල වටා දමා ඇති තැල්ල මගින් මෙම මුද්‍රාව විසිතුරු වී ඇත.

පශුපති (ශිව)

  • මෙම මුද්‍රාව අං සහිත දෙවියා ලෙස හ`දුන්වයි. ඔහුගේ හිස මත අං යුගලක් සහිත ශිර්ෂාභරණයකි. එමෙන් ම ගෙළ හා දෙඅත් වස්ත‍්‍රාභරණවලින් සරසා ඇත.
  •  ආසනයට පහළින් මුවෝ දෙදෙනෙකි. එසේම දේව රූපය වටා රයිනෝ, වෘෂභ, හස්ති සහ කොටි රූප දැකගත හැකි ය.
  • මෙම මුද්‍රාවෙන් නිරූපිත දෙවියන් ශිවගේ මූලාදර්ශයක් බව සර් ජෝන් මාෂල් මහතා පවසා ඇත. එනම් ශිවගේ එක් වේශයක් වන පශුපති (කෘෂි කර්මාන්තයට අධිපති* මින් නිරූපිත බවයි.
  •  දේවරූපය ඉදිරි පෙනුමෙන් යුතු වන අතර සෙසු සියලූ සත්ව රූප පාර්ශවදර්ශී ස්වරූපයෙන් දක්වා ඇත.


    කාර්ය පත‍්‍රිකාව

     ඇගයීම

  1.  ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබ`ද ඓතිහාසික පසුබිම හා භූගෝලීය පිහිටීම කෙටියෙන් පැහැදිලි කරන්න.
  2. …..................................................................................
  3.  ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුවූ කලා නිර්මාණ ලැයිස්තු ගත කරන්න.
  4. ..…..…..................................................................................
  5.  ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුවූ කලා නිර්මාණ අතරින් රතු වලි ගලින් කල කවන්ධ මිනිස් රුවට 
    විශේෂ ස්ථානයක් ලැබේ.එම නිර්මාණය පහත ශීර්ෂ යටතේ වාක්‍ය පහක් ලියන්න.



  6. යුගය සහ කාලය: ………………………………………………………………………
    හමුවන ස්ථානය: ………………………………………………………………………..
    මාධ්‍යය: ……………………………………………………………………………………
    ශිල්ප ක‍්‍රමය: ……………………………………………………………………………..
    කලාත්මක ලක්ෂණ: ……………………………………………………………………..
    4. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුවූ කලා නිර්මාණ අතරින් නළ`ගන රුව පිළිබ`ද කෙටි හැදින්වීමක් කරන්න.


      හමුවන ස්ථානය: ……………………………………………………………………
      නිර්මාණයේ ස්වභාවය: ………………………………………………………………
      මාධ්‍යය: ………………………………………………………………………………
      ශිල්ප ක‍්‍රමය: …………………………………………………………………………
      කලාත්මක ලක්ෂණ: …………………………………………………………………
        5. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුවූ මුද්‍රා පිළිබ`ද කෙටි හැදින්වීමක් කරන්න.                    
            ...............................................................................................................
        6.   මොල්ලිය සහිත ගව රුව පිළිබද කෙටි හැදින්වීමක් කරන්න
            ....................................................................................................................
        7. පශුපති (ශිව* මුද්‍රාව පිළිබද කෙටි හැදින්වීමක් කරන්න
            .....................................................................................................................