Monday, December 21, 2020

තල් කොළ නිර්මාණ අගයමු

 සැකසුම:සුරංගි වීරසේකර, අශානි රත්නසූරිය

6.3.1 ක්‍රියාකාරකම

තල් කොළ කලා කර්මාන්තය

තල් ගස

  •   ඒක බීජ පත්‍රී ශාකයක් වන තල් ගසේ මුල සිට අග දක්වා ඇති කොටස් විවිධ නිර්මාණ කටයුතු සඳහා භාවිතා කරයි.තල්  ගසේ පත්‍ර මෙම නිර්මාණවල ප්‍රධාන මාධ්‍යය වේ.
  •  ලංකාවේ බහුලව,තල්ගස දැකිය හැකි උතුරු නැගෙනහිර පලාත් මූලික කරගෙන මෙම කර්මාන්තය ව්‍යාප්ත වී ඇත.
  •  මෙම කලාව මඩකලපුව හා යාපනය යන ප්‍රදේශවල වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි.

 තල් කොළ ඇසුරින් නිර්මාණය කරන ලද පාරිහාරික භාණ්ඩ

  •  පැදුරු,පෙට්ටි, කඩහම් ( විශාල පෙට්ටි )
  •  කුල්ල
  •   ඌවල්,කොත්තු මුඩල්( මේවා පෙට්ටි විශේෂයකි)
  • කුට්ටාන් (හකුරු බහාලන උපකරණය)
  • විලාසිතා ආභරණ
  • බිත්ති සැරසිලි


තල් කොල පැදුරු  

කුඩ,මලු

    බිත්ති සැරසිල්ලක්


                                                                       විලාසිතා ආභරණ 


තල් කොළ නිර්මාණ සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ

නිර්මාණ

මඩකලපුව

යාපනය

පැදුරු

පාලමින්මඩු,තාලංකුඩා

වේලනෙයි, වරනි,අල්වායි

කුල්ල

පුදුක්කුඩුයිරුප්පු

මානවලෙයි,මාහියප්පිට්ටි,සින්නමඩු

තොප්පි

තාලංකුඩා,තිරායිමඩු

මට්ටුවිල්,අල්ලාරෙයි

මලු, කූඩ

කල්කුඩා, තාලංකුඩා

පෙට්ටි - එලුවෙයි තීවු,උඩුප්පිට්ටි,පුත්තූර්

තල් කොළ පැදුරු නිර්මාණය

·         විවීමේ ශිල්ප ක්‍රමය භාවිතයෙන් තල්කොළ පැදුරු නිර්මාණය කරයි. එමෙන්ම මෙම කර්මාන්තයේ වැඩිපුරම නියැළෙන්නේ කාන්තාවන්ය.

තල් කොළ පැදුරු වර්ග

පැදුරු වර්ගය

 භාවිතා වන අවස්ථා

කදිර්පායි (අස්වනු පැදුරු)

කෘෂිකර්මාන්ත කටයුතු වල දී නෙළන ලද ගොයම් පෑගීමටත්, වී වේලීමටත්, තම්බන ලද වී වේලීම ටත් භාවිතා කළ පැදුරු

පඩුක්කේයි පායි (නිදන පැදුරු)

නිදා ගැනීමට ගත් පැදුරු

වර්ණපායි ( පාට පැදුරු)

මංගල අවස්ථාවන් සඳහා විවිධ වර්ණවලින් නිර්මාණය කළ පැදුරු

පන්දිප්පායි (උත්සව පැදුරු)

උත්සව අවස්ථාවලදී ගන්නා උත්සව පැදුරු

සෝට්ටුප්පායි (බත් පැදුර)

 

 

තල්කොළ රටා පැදුරුවල දැකගත හැකි රටා

  •  සියඹලා ඇට රටාව
  • තරු රටාව
  • හතරැස් රටාව
  •  මහාකෝණී ත්‍රිකෝණ රටාව
  • තිත් රටාව
  •  ජාමිතික හැඩතල යොදා ගිරවා,ගස,මල"පූසාන්දිරම්" (මල් වැල)

 

වර්ණ ගැන්වීම

·         සායම් තේ හැන්දකට ජලය ලීටරයක් මිශ්‍ර කරයි.

·         උණුකර කපා ඉරා සකස් කර ගත් තල් කොල මිනිත්තු 5ක් තම්බා ගනී.

·         අනතුරුව ඇල් ජලයෙන් සෝදා මද පවනේ වියළා ගනී.

·         සාම්ප්‍රදායික ක්‍රමයට අනුව කුකුල් සායම් සමග ලුණු, අරළු මිශ්‍රකර තම්බා ගනු ලැබේ.

·         වර්ණ ලබාගන්නේ කොළපාට, රතු පාට, දම් පාට, කහ කුඩු හෝ දියර සමග මිශ්‍ර කර ගැනීමෙනි.

 

පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයා වෙනම ගොනුවක් සේ  සකස් කරන්න.

6.3.1 ඇගයීම

1)      තල් කොළ කලා කර්මාන්තයේදී නිර්මාණ කිරීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය කුමක්ද?

2)      තල් කොළ ඇසුරින් නිර්මාණය කරන ලද පාරිහාරික භාණ්ඩ පහක් නම් කරන්න.

3)      තල් කොළ නිර්මාණ සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ දෙකක් නම් කරන්න.

4)      තල් කොළ පැදුරු වර්ග කීයද?ඒ මොනවාද?

5)      තල් කොළ පැදුරු සඳහා යොදා ගන්නා රටා හතරක් නම් කරන්න.

6)      තල් කොළ පැදුරු සඳහා යොදා ගත් වර්ණ හතරක් නම් කරන්න.