Saturday, February 20, 2021

බෞද්ධ ස්ථූපයක මූලිකාංග හා ස්තූප වර්ග

 සැකසුම - අශානි රත්නසූරිය

7.1.1 ක්‍රියාකාරකම 

ස්තූපය

  • බෞද්ධ ආගමික කලා නිර්මාණයක් වන ස්තූපය සඳහා විවිධ නම් භාවිතා කරයි.දාගැබ, චෛත්‍යය,වෙහෙර,ථූපය ඒ අතරින් කිහිපයකි.
  •   මුල්ම කාලයේ ස්ථූපය හදලා තියෙන්නේ බුදුන් වහන්සේගේ ශාරීරික හා පාරිහාරික ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහායි.
  • ලෝකයේ මුලින්ම ස්තූපය නිර්මාණය කිරීමට ආභාශය ලබා ගෙන ඇත්තේ මිසරයේ මජුටාවෝ පිරමීඩ වලින් යැයි මතයක් ද වේ.
  •  ලංකාවේ ස්තූප සඳහා ආභාෂය වී ඇත්තේ ලෝකයේ මුලින්ම කරවූ ස්තූපය ලෙස සැලකෙන ඉන්දියාවේ සාංචි ස්තූපය බව බොහෝ දෙනාගේ අදහස වෙනවා.ඒ අනුව මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමත් සමගම බෞද්ධ ගෘහ නිර්මාණ බිහිවුණා.ඒ අතර මූලික තැනක් ස්ථූපයට හිමිවෙනවා.
  • මිහිඳු හිමියන්ගේ උපදෙස් වලට අනුව දේවානම්පියතිස්ස රජතුමා විසින් ගොඩනංවන ලද ථූපාරාමය ලංකාවේ මුල්ම ස්තූපයයි.බුදුන් වහන්සේගේ අකු ධාතුව මෙහි තැම්පත් කොට ඇති බව කියයි.
  • පසු කාලයේ විවිධ යුගවල සිටි රජවරුන් ගේ අනුග්‍රහය යටතේ ස්ථූප නිර්මාණය හා ප්‍රතිසංස්කරණය සිදු වුණා.
  • ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස නවාංග ද එක් කරමින් දේශීය ශිල්පියා ස්තූපය නිර්මාණය කිරීමට සමත්ව තිබේ.


ස්ථූපයක අංග

බෞද්ධ ස්තූපය සිළුමිණ,කොත, කොත්කැරැල්ල,දේවතා කොටුව, හතරැස් කොටුව,ධාතු ගර්භය,පේසා වළලු,පාදම යන ප්‍රධාන ස්ථූප අංග වලින් යුතු වේ.


ශ්‍රී ලංකාවේ චෛත්‍යවල හතරැස් කොටුව යනුවෙන් හඳුන්වන අංගය ඉන්දියාවේ සාංචි ස්තූපයේ දී හර්මිකාව ලෙස හැඳින්වේ.      


ස්තූපයේ ඇති ගර්භයේ හැඩය අනුව ප්‍රධාන චෛත්‍ය වර්ග හය

  • ධාන්‍යාකාර චෛත්‍යය - වී ගොඩක හැඩය ඇති ස්තූපය
  •  පද්මාකාර චෛත්‍යය - නෙළුම් මලක හැඩය ඇති ස්තූපය 
  •  ඝාණ්ඨාකාර චෛත්‍යය - ඝණ්ඨාකාර හැඩය ඇති ස්තූපය
  •  බුබ්බුලාකාර චෛත්‍ය - දිය බුබුලක හැඩය ඇති ස්තූපය
  •  ඝටාකාර චෛත්‍ය - කළයක් මුනින් අතට නැමූ හැඩය ඇති ස්තූපය
  •  ආමලාකාර චෛත්‍යය - නෙල්ලි ගෙඩියක හැඩය ඇති ස්තූපය

ගර්භයේ හැඩය අනුව තවත් චෛත්‍ය වර්ග කීපයක් තියෙනවා.එනම්          

  • පාත්‍රාකාර චෛත්‍ය - පාත්‍රයක හැඩය ඇති ස්තූපය 
  •  ම්න්දිරාකාර චෛත්‍යය - මන්දිරයක හැඩය ඇති ස්තූපය 
  •  පලණ්ඩ්ඩාකාර චෛත්‍යය - ළූනු ගෙඩියක හැඩය ඇති ස්තූපය
  •  ස්තම්භාකාර චෛත්‍යය - කණුවක හැඩය ඇති ස්තූපය



ශ්‍රී ලංකාවේ ඇති ස්තූප කීපයක්



                                    කැලණි සෑය - ධාන්‍යාකාර හැඩය



                                                 රුවන්වැලිසෑය - බුබ්බුලාකාර හැඩය

 

        ථූපාරාම සෑය - ඝණ්ඨාකාර හැඩය


ඇගයීම: 7.1.1 බෞද්ධ ස්ථූපයක මූලිකාංග හා ස්තූප වර්ග 

  1.  ස්ථූපයක් ඇඳ එහි කොටස් නම් කරන්න.
  2.  ශ්‍රී ලංකාව තුළ දැක ගත හැකි ස්තූප වර්ග කීයද?
  3.  ඒවායේ ස්ථූපය අනුව හැඩය විස්තර කරන්න.
  4.  ඒවායේ රූප සටහන් අඳින්න.
  5.  ලංකාවේ ස්තූප නිර්මාණයට ආභාසය ලබා ඇත්තේ කිනම් ස්තූපයකින්ද?