Tuesday, February 23, 2021

ලංකාවේ පාරම්පරික මැටි කලා කර්මාන්තය

සැකසුම-ඕ.ලිලංක සම්පත්, සුරංගි වීරසේකර




  • පුරාතන ශිෂ්ටාචාරයන්ගේ ඉපැරණි කර්මාන්තයක් ලෙස මැටි කර්මාන්තය පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක පවතී.
  • ශී‍්‍ර ලංකාවේ ද මෙගලිතික සුසාන භූමි ආශි‍්‍රතව එනම් ක‍්‍රිස්තු පූර්ව 600ට පෙර කාල නිර්ණය කරන ලද මැටි භාණ්ඩ රාශියක් හමු වී තිබේ.
  • යාපනය කන්තරෝඩය, අනුරාධපුර, පොළොන්නරුව සහ මහනුවර වැනි ස්ථානවල කරන ලද කැනීම් අනුව පුරාතන සාම්ප‍්‍රදායික මැටි භාණ්ඩ රාශියක් හමු වී ඇත.
  • මැටි භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා ලංකාවේ සෑම පළාතකම කෙයොලින් මැටි, රතු මැටි සහ කහ පැහැති මැටි ද භාවිතා කොට තිබේ. මේ අතරින් කෙයොල්න් මැටි වඩාත් ගුණාත්මක බවින් යුක්තය.
  • මැටි භාණ්ඩ සකස් කර ගැනීමට පෙර ගල්. වැලි සහ රොඩු ආදිය ඉවත් කරමින් මැටි පදම් කරගනු ලැබේ. මේ සඳහා සාම්ප‍්‍රදායකව මැටි පයින් පාගා පදම් කරගනු ලබන අතර වර්තමානයේ යාන්ත‍්‍රානුසාරයෙන් ද මැටි අඹරා සකස් කරගැනීම සිදු කරනු ලැබේ.
  • මැටි කර්මාන්තයේ දී නිර්මාණය කරනු ලබන භාණ්ඩ වර්ග කිහිපයකි.
  1. ගෘහස්ත භාණ්ඩ:- වළන් , මුට්ටි,කළ ගෙඩ,ඇතිළී,නෑඹිලි,කොරහා
  2. ආගමික කටයුතු සඳහා උත්සව භාණ්ඩ:- කොතලය,බුම්මැඩිය,පූනාව,පහන්,පාත‍්‍රා,හළඹ
  3. ඉදි කිරීම් ද්‍රව්‍ය:- උළු,පෙති උළු,කොත්,පිහිලි,නළ
  4. සාම්ප‍්‍රදායිකව නිර්මාණය වූ මැටි භාණ්ඩ:- හැලි,කොත් කරුලි
  5. කර්මාන්ත ආශිත භාණ්ඩ:- ගිනි කබල,උදුන,කෝව

මැටි භාණ්ඩ නිර්මාණය කිරීමේ ශිල්ප ක්‍රම තුනක් භාවිතා කරනු ලැබේ.

  • අත් සකපෝරුව යොදා ගැනීම
  • පා සකපෝරුව යොදා ගැනීම
  • මැටිවළ්ලු,මැටි පුවරු යොදා ගැනීම

අත් සකපෝරුව


  • ශ්‍රී ලංකාවේ ඉපැරණිම තාක්ෂණික ක‍්‍රියාවලිය ලෙස අත් සකපෝරුව භාවිතයෙන් මැටි භාණ්ඩ නිර්මාණය කළ බවට සාධක පවති. සාම්ප‍්‍රදායික මැටි කර්මාන්තය සඳහා බහුලව ම භාවිත වී ඇත්තේ මෙම ක‍්‍රමයයි.
  • මේ සඳහා අඩි දෙකක් හෝ දෙකහමාරක් හෝ විෂ්කම්භය ඇති දැව හෝ කළුගල් හෝ භාවිතයෙන්
  • සාදන ලද වෘතාකාර පුවරුවක් භාවිත කෙරේ. මෙය පොළවේසිට අඟල් හයක් පමණ සිටිනසේ කුඩා ගල් කණුවක සිටුවාගනු ලැබේ.
  • ඒ මත පදම්කරගත් මැටි තබා එකින් එක භාණ්ඩ නිර්මාණය කර ගනී. සකපෝරුව දෙපස දෙදෙනකු වාඩි වී සිටින අතර එක් අයෙකු සක පෝරුව කරකවන විට අනෙක් පස සිටින තැනැත්තා විසින් භාණ්ඩ නිපදවනු ලැබේ.
  • මෙසේ නිර්මානය කරනු ලබන මැටි භාණ්ඩ නූලක ආධාරයෙන් කපා ඉවත් කරගනු ලබන අතර ඒවා මදක් වියළුණු පසු ඔප මට්ටම් කරගත් වෘතාකාර කළුගල් පුවරුවක් සහ දැවයෙන් සාදනු ලැබූ පත්ත නැමැති උපකරණයක් භාවිතයෙන් මෙම භාණ්ඩවල යට කොටස (පල්ල) තනාගනු ලැබේ.
  • අත් සකපෝරුව භාවිතයෙන් ඉතා වශාල භාණ්ඩ පහසුවෙන් නිර්මාණය කරගත හැකිවේ.

පා සකපෝරුව


  • මෙම ක‍්‍රමය නූතනයේ දී භාවිතයට පැමිණ ඇත. සිටගෙන භාණ්ඩ තැනීමට හැකිවීම, පාදය භාවිතකොට සකපෝරුව කැරකැවීමට හැකිවීම සහ අවශ්‍ය නම් විදුලියෙන් ක‍්‍රියාත්මක කරවීමට හැකිවීම මෙම පා සකපෝරුවේ ඇති විශේෂතා වෙයි.
  • මෙම ක‍්‍රමයේ සකපෝරු පොළවේ සිට අඩි තුනහමාරක් පමණ උසට ලෝහ හෝ දැව හෝ භාවිතයෙන් සාදනු ලැබ්.
  •  මෙම ක‍්‍රමය භාවිතයෙන් මල් පොච්චි, කැට, කුඩා පහන්, ගුරුලේත්තු සහ කුඩා ප‍්‍රමාණයේ විසිතුරු භාණ්ඩ නිර්මාණය කරනු ලැබේ.


මැටි වළලූ සහ මැටි පුවරු උපයෝගී කොටගෙන භාණ්ඩ ඉදිකිරීම, ඇඹීම සහ නෙලීම


මැටි බිත්ති පුවරු , කැටයමි පුවරු, කොත් කැරලි, කුඩා මැටි පිළිම, ඌරා කැට ළින්, පූනාව වැනි
භාණ්ඩ නිර්මාණයේ දී මෙම ක‍්‍රමය භාවිතයට ගැනෙයි.

 

මැටි භාණ්ඩ පිලිස්සීමේ  තාක්ෂණය


  • මුල් වකවානුවේ දී මැටි බඳුන් මත පිදුරු දමා ඒ මත මැටි තට්ටුවක් අතුරා පුළුස්සා ගනු ලැබේ.අනතුරුව පුලූස්සන ලද මැටි බඳුන් තවදුරටත්  ශක්තිමත් කර ගැනීම සඳහා නැවතත් ඒවා මත දහයියා සහ මැටි අතුරා පිළිස්සීමට ලක් කෙරෙයි.
  • පසුකාලීනව මේ සඳහා ගඩොල් සහ මැටි භාවිතයෙන් සකස්කොට ගත් ඉතා සරල පෝරණුවක් භාවිතා විය.
  • පෝරණුව තුළ වළං අතුරා පොල්ලෙලි යොදා එක් දිනක් පිලිස්සීමෙන් පසුව දර එකතු කොට සෙන්ටි‍්‍ර ග්‍රෙඩ් අංශක 600 ක පමණ උෂ්ණත්වයක් යටතේ පෑ 12 ක් පමණ කාලයක් භාණ්ඩ පුළුස්සාසගනු ලැබේ.

භාණ්ඩ අලංකරණ තාක්ෂණය



  • තෙත මැටි බඳුනේ සායම් යොදාගෙන මොස්තර ඇඳීම.
  • අච්චු අලංකරණය
  • බඳුනේ සායම් යොදා මෝස්තර ඇඳීම.
  • අව්වේ වියලන ලද මැටි බඳුනේ උල් වූ යකඩ උපකරණයක් මගින් මෝස්තර ඇඳීම.
  • දිස්නය ලබාගැනීම සඳහා ආලේපන යොදා ගැනීම

මේ ආකාරයට මෝස්තර යෙදීමේ දී සුළි, සුළි දෙක, දියරැළි, හවඩිය, පනාව, පලාපෙති, තනිපට
ලණුව, දෙපට ලණුව, ලියවැල්, භේරුණ්ඩ පක්ෂියා, බෝපත්, කතිරමල, හංසයා සහ සිංහයා
බහුලව යොදා තිබේ.


මැටි මාධ්‍ය සඳහා ප‍්‍රචලිතව පැවති ප‍්‍රදේශ


කැළණිය, මාතලේ, හංවැල්ල, කඩුවෙල, රත්නපුරය, කොස්ලන්ද, වේයන්ගොඩ, හොරණ,
මහනුවර, දුම්බර, කළුතර, කණ්ඩාවලෙයි, ඔට්ටු සුටිටාන්, නෙඩුංකේනි, පුදුක්කුඩියිරුප්පු,මුරුංගන්

නූතනයේ  මැටි කලා කර්මාන්තය පවත්නා ප‍්‍රදේශ


  • කැළණිය - නවගමුව, රනාල
  • කෑගල්ල - මෙ.ලගොඩ
  • අනුරාධපුරය - රඹෑව
  • මහනුවර - වළල
  • කුරුණෑගල - පඬුවස් නුවර, පිදුරුවැල්ල, කලූගමුව
  • මාතර - කපුගම, බෙලිඅත්ත, යටියන, කිරින්ද
  • කළුතර - දෙදියවල
  • කිලිනොච්චිය - ධර්මපුර, විසුවමඩු
  • මුලතිව් - පුදුකුඩියිරුප්පු, මුල්ලියවලෙයි
  • මන්නාරම - නාච්චික්කුඩා, මඩුක්කරෙයි
  • යාපනය - කල්වියංකාඩු, කොඩිකාමම්, සංගානෙයි
  • වවුනියාව - නොච්චිකාමම්
  • මඩකලපුව - එරාවුර්, කලවාංජික්කුඩි, පෙරියපොරතිව්

පැවරුම-

1. පුරාතන මැටි භාණ්ඩ කැනීම්වලින් හමු වූ ප‍්‍රදේශ කිහිපයක් නම් කරන්න.
2. මැටි කරමාන්තයේ දී නිපදවනු ලබන භාණ්ඩ වර්ගීකරනයකට ලක්කළ හැකිය.එම වර්ග නම්කර
එක් එක් වර්ගයට උදාහරණ දෙක බැගින් ලියා වගුගත කරන්න.
3. මැටි භාණ්ඩ සෑදීමේ දී යොදා ගනු ලබන උපකරණය කුමක්ද?
4. මැටි භාණ්ඩ නිර්මාණයේ දී යොදා ගන්නා ක‍්‍රමවේද තුන ලියන්න ?.
5. ”පල්ල” යනු කුමක්ද ?
6. පා සකපෝරුව භාවිතයෙන් නිර්මානය වන භාණ්ඩ කිහිපයක් නම් කරන්න.
7. මැටි වළලූ සහ පුවරු යොදාගෙන කරන නිර්මාණ තුනක් නම්කරන්න.
8. මැටි භාණ්ඩ අලංකරණය කළ හැකි ක‍්‍රම තුනක් නම්කරන්න .
9.  අලංකරණයට යොදා ගන්නා සැරසිලි   අංග 5ක් ලියන්න.
10. මැටි භාණ්ඩ සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන ප‍්‍රදේශ පහක් නම්කරන්න.