Monday, February 22, 2021

බුදු පිළිමවල ආසන, ආසන ක්‍රම හා මුද්‍රා

 සැකසුම - අශානි රත්නසූරිය,සුරංගි වීරසේකර

7.1.1 ක්‍රියාකාරකම 


බුදුන් වහන්සේ උපන් භාරත දේශයේ මුල් වරට බුදු පිළිමයක් නෙළන්නට ඇතැයි සැලකේ. පසුකාලීනව බුදු දහම ව්‍යාප්ත වූ සෑම රටකම බුදු පිළිම නෙළීම සිදු විය. බුදුන් වහන්සේට ඇති ගෞරවය හා භක්තිය නිසා සෑම විටෙක ම පීඨකයක් මත බුදු පිළිම නෙළා ඇත. එමෙන්ම සෑම බුදු පිළිමයක ම ආසන ක්‍රමය හා මුද්‍රාවක් දැක්වේ.

ආසන

බුදු පිළිමයක බහුලව ආසන වර්ග දෙකක් දැකිය හැක.

  1. පද්මාසනය - පද්මයක ආකාරයෙන් කැටයම් කොට ඇත.
  2.  වජ්‍රාසනය - වජ්‍රයක සලකුණ කැටයම් කොට ඇත.



ආසන ක්‍රම

හිඳි පිළිමවල හිඳ ගෙන සිටින ආකාරය නොහොත් දෙපා පිහිටුවා ඇති ඉරියව්ව ආසන ක්‍රමය ලෙස හඳුන්වයි. ආසන ක්‍රම ප්‍රධාන වශයෙන් තුනකි.

  1. වීරාසන ක්‍රමය - විලුඹ උඩු අතට හැරෙන ලෙස වම් පාදයට උඩින් දකුණු පාදය පිහිටන සේ හිඳ ගැනීමයි.
  2. පද්මාසන ක්‍රමය - යෝගාසන ක්‍රමය ලෙස ද හඳුන්වයි. යටි පතුල් දෙකම උඩ අතට සමව සිටින සේ තබා වාඩි වී සිටින ආකාරයයි.
  3. භද්‍රාසන ක්‍රමය - ඉතා කෙටි ආසනයක් මත හිඳ ගෙන සිටින ආකාරයයි. දෙපා දණහිසින් නවා යටිපතුල් පොළොවට ස්පර්ශ වන සේ හිදගෙන සිටීම මෙහිදී සිදුවේ.

ලංකාවේ සෑම හිඳි පිළිමයකම වීරාසන ක්‍රමයට දෙපා පිහිටුවා ඇති අතර ඉන්දියාවේ ඉතා බහුලව පද්මාසන ක්‍රමයත් ස්වල්ප වශයෙන් භද්‍රාසන ක්‍රමයත් යොදාගෙන ඇත.

මුද්‍රා

බුදු පිළිමයක ගුණාංග හා අවස්ථාව ප්‍රකාශ කිරීම සඳහා සංකේතාත්මකව දෑත යොදා ඇති ආකාරය මුද්‍රාවක් ලෙස හැඳින්වේ.

ලෝකයේ දක්නට ඇති බුදු පිළිම අධ්‍යයනයේ දී මුද්‍රා වර්ග කිහිපයක් දැකගත හැකි වන්නේය.
  • ධ්‍යාන මුද්‍රාව
  • පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව
  • ධම්මචක්ක මුද්‍රාව
  • අභය මුද්‍රාව
  • භූමි ස්පර්ශ මුද්‍රාව
  • වරද මුද්‍රාව
  • විතර්ක මුද්‍රාව
  • කටක හස්ත මුද්‍රාව 

එම මුද්‍රාවලින් ප්‍රකාශිත අර්ථ මෙසේ දැක්විය හැකිය.


ඉහත මුද්‍රා අතරින් ධ්‍යාන, ධම්මචක්ක, වරද, භූමි ස්පර්ශ, විතර්ක යන මුද්‍රා හිඳි පිළිම සඳහා බහුලව යොදා ඇති අතර අභය, පරදුක්ඛ දුක්ඛිත සහ වරද යන මුද්‍රා හිටි පිළිම සදහා බහුලව යොදා ගෙන ඇත.

 




ඇගයීම: 7.1.1 බුදු පිළිමවල ආසන, ආසන ක්‍රම හා මුද්‍රා

1.      බුදු පිළිමවල ආසන වර්ග දෙකකි. ඒ මොනවාද ?

2.      බුදු පිළිමවල ආසන ක්‍රම මොනවද? ඒවා වෙන වෙනම හඳුන්වන්න.

3.      බුද්ධ ප්‍රතිමා වල දැකිය හැකි මුද්‍රා වර්ග පහක් නම් කරන්න.ඒවා ඇඳ ඇද දක්වන්න.

4.      ධම්මචක්ක මුද්‍රාව දැකිය හැකි බුදු පිළිමයක් නම් කරන්න.

5.      අභය මුද්‍රාව හා කටකහස්ත මුද්‍රාව දැකිය හැකි බුදු පිලිමය කුමක්ද ?

6.      ලංකවේ හිදි බුද්ධ ප්‍රතිමා වල බොහෝ විට දක්නට ඇති ආසන ක්‍රමය කුමක්ද ?

7.      ඉන්දියවේ හිදි බුද්ධ ප්‍රතිමා වල බහුලව දක්නට ලැබෙන ආසන ක්‍රමය කුමක්ද ?

8.      හිදි බුද්ධ ප්‍රතිමා වල දක්නට ඇති මුද්‍රා කීපයක් නම් කරන්න.

9.      හිටි බුද්ධ ප්‍රතිමා වල දක්නට ඇති මුද්‍රා කීපයක් නම් කරන්න .

10.  බුද්ධ ප්‍රතිමා මුද්‍රාවකින් අදහස් වන්නේ කුමක්ද ?