Tuesday, May 19, 2020

7.1.3 ඉස්ලාම් පල්ලියක (මස්ජිදය) මූලිකාංග හා එහි කලා නිර්මාණ හඳුනා ගනිමු.

සැකසුම:සුරංගි වීරසේකර



*   උල්වූ තුඩක් සහිත ගෝලාකාර විශාල ශිඛරය එහි විශේෂ ගෘහ නිර්මාණ අංගයයි. එය “කුෆා” ලෙස හැඳින්වේ.
*   පල්ලියේ දෙපස ඇති කුළුණු මිනාර් හෙවත් මිනරෙට් ලෙස හඳුන්වයි. මෙම කුළුණු මුදුන් වල ගෝලාකාර ශිඛර ඇත.
*   සෑම කුළුණක් මුදුනෙහි ම අඩ සඳ හා තාරකා සංකේත මූර්තිමත් කර ඇත.
*   ඉස්ලාම් පල්ලිවල චිත්‍ර හා ප්‍රතිමා නැත. ආගමික ග්‍රන්ථය වන කුරානයේ ඇති පාඨ අරාබි බසින් බිත්ති මත ඇඳ ඇත.
*   මෙම පාඨ විචිත්‍ර අත් අකුරු ලිවීමේ කලාවට (calligraphy) අනුව විවිධ හැඩමතුවන සේ කලාත්මකව නිර්මාණය කර ඇත. පහත දක්වා ඇති සිතුවම් අධ්‍යනය කරන්න.


















7.1.3. ඇගයීම.
1) මුස්ලිම් පල්ලියක දළ රූප සටහනක් ඇඳ නම් කරන්න.
2) ඉස්ලාම් ආගමික සංකේතය කුමක්ද?
3) මුස්ලිම් පල්ලියේ ගෘහනිර්මාණ අංග වලට අයත් දෙපස ඉදිකර ඇති කුළුණු කුමන නමකින් හැදින්වේද?
4) මුස්ලිම් පල්ලි වල සෑම කුළුණකම මුදුනෙහි මූර්තිමත් කර ඇති සංකේතය කුමක්ද?
5) ඉස්ලාම් ආගමික ග්‍රන්ථයේ ඇති පාඨ විචිත්‍රවත් අත් අකුරින් ලියා ඇති “අක්ෂර’’ හඳුන්වන නම කුමක්ද?