Monday, December 7, 2020

එච්.ඒ. කරුණාරත්න ශිල්පියා

 සැකසුම:සුරංගි වීරසේකර

6.1.7   කාර්ය පත්ත්‍රිකාව

 
















එච්.ඒ.කරුණාරත්න නම් ප්‍රවීණ සිත්තරා 1929 අපේ‍්‍රල් 20 වනදා හොරණ බණ්ඩාරගමදී උපත ලැබීය. මොහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ හොරණ තක්ෂිලා මහ විදුහලෙනි. පාසල් යන අවධියේ කරුණාරත්නයන්ගේ චිත්‍ර කලා ගුරුවරයා වූයේ සිංහල ප්‍රධාන චිත්‍ර කලා අධ්‍යාපන ප්‍රථම නිලධාරි වූ බී. එස්. විජේරත්න මහතායි.

                                                 එච්.ඒ. කරුණාරත්න

  

පසු කාලීනව 1952 දී කලායතනයට ඇතුළු වී පින්තාරු කිරීමේ පාඨමාලාව කරුණාරත්නයන් විසින් 1958 දී අවසන් කරන ලදී. පසුව 1959 - 61 අතර කාලය තුළ චිත්‍ර කලාව පිළිබඳ පර්යේෂණ කරමින් ජපානයේ ටෝකියෝවේ ලලිතකලා හා සංගීතය පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලයෙන් මේ විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත්තේ ය. පසුව එයින්ද නොනැවතුන කරුණාරත්නයන් 1965 - 1966 වසර වල ඇමරිකාවේ නිව්යෝක්හි ප්‍රාට් (PRATT) ආයතනයේ ලිතෝග්‍රැපි චිත්‍ර කලාව හැදෑරුවේ ෆූල්බ්‍රයිට් ශිෂ්‍යයත්වයක් ද දිනා ගනිමින්.

කෙසේ වෙතත් රජයේ කලායතනයේ ඉගෙනුම ලබන අවධියේ කරුණාරත්නයන්ගේ චිත්‍ර කා ගුරුවරයන් වූයේ මහා කලාගුරු ජේ.ඩී. ඒ. පෙරේරා, ඩේවිඩ් පේන්ටර් හා ආචාර්ය ස්ටැන්ලි අබයසිංහ යන අයයි. පසු කාලීනව කරුණාරත්නයෝ 1975 සිට 1989 දක්වා කාලය තුළ රජයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර කලාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු  වශයෙන් සේවය කළහ.

·        එච්.ඒ. කරුණාරත්න මහතා ලංකාවේ නූතන චිත‍්‍ර කලාවේ නව කලා සම්ප‍්‍රදායක් වන වියුක්ත කලා සම්ප‍්‍රදාය බිහි කිරීමට පුරෝගාමී වූ ශිල්පියා ලෙස සැලකේ.

·         රජයේ ලලිත කලායතනයේ චිත‍්‍ර කලාව හැදෑරූ මෙම ශිල්පියා පසුව එහි කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කර ඇත

·          ජපන් සහ ඇමරිකානු චිත‍්‍ර කලාවේ ශෛලීන් මෙතුමාගේ නිර්මාණ සඳහා ආභාසය වී ඇත.

·         මෙතුමාගේ නිර්මාණ ඇමරිකානු වියුක්ත ප‍්‍රකාශනවාදී ශෛලිය ට තලය පුරා විසිරුණු සංරචනයක් පෙන්වයි.

·        පසු කාලීනව සිය නිර්මාණ සඳහා තේමාවන් සපයන්නේ නැතිව නරඹන්නාට සිතීමට අවස්ථාව ලබාදී තිබේ.

·          මුල්කාලීනව තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත සංරචනය කළ ද පසුකාලීනව එකිනෙකට වෙනස් මාධ්‍යය භාවිත කරන ලදී.

·         ඔහුගේ නිර්මාණයන් හි ආගමික හැඟීම් සහිත වූ ශාන්ත රසයක් ජනිත කරවන බව විචාරක මතයයි.

·         සිය නිර්මාණයන්ගේ ති‍්‍රමාන බව ඉස්මතු කිරීමට ඇණ වර්ග කාඞ්බෝඞ් නූල් වැනි විවිධ ද්‍රව්‍ය භාවිතය උත්සාහ කර තිබේ.

·          සුවිශේෂී නිර්මාණ.

                                           සඳ පායා
                                          චන්ද්‍රකාන්ත පාශානය
                                          මල් සුවඳ
                                          සුදු වළාකුළු
                                          මලෙක සුවඳ
                                          අස්වැන්න

        

      සඳ පායා

  •   තෙල්සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නිර්මාණය කර තිබේ.
  •   මධ්‍යගත සංරචනයක් දක්නට නොමැත.
  •   වියුක්ත ප‍්‍රකාශනවාදී කලා ලක්ෂණ මෙම නිර්මාණය සඳහා පදනම් වී තිබේ.
  •   අහසේ පායන සඳ සහ එම සඳකිරණ වැටුණු ගස් වල චමත්කාරජනක හැඟීම් මතු කරයි.
  •   ආගමික හැඟීම් සහිත වූ ශාන්ත රසයක් මතු කරන බව විචාරක මතයයි. 


      නම් නොකළ

                                    
  • ශිල්පියාගේ මෑතකාලීන නිර්මාණයකි.
  • එකලස් කිරීමේ ශිල්ප ක‍්‍රමය අනුව නිර්මාණය කර තිබේ.
  • තභඩු කම්බි ඇණ ආදී මිශ‍්‍ර මාධ්‍ය භාවිත කර ඇත. ඝන හා  රළු අමුද්‍රව්‍ය නිරූපණාත්මක අරමුණක් සඳහා  භාවිතා  කිරීම සුවිශේෂී ලක්ෂණයකි.
  • විස්තරාත්මක බවින් අඩු ල යෝගී ඉරියව්වක් දැකිය හැකි වේ.
  • සරල බව හා සංකේතාත්මක බවින් යුතුය.
  • ඝනිකවාදී ලක්ෂණ හා එකලස් කිරීමේ කලාවේ ලක්ෂණ දැකිය
  • හැකි අතර සරල සංකේතාත්මක බව නිරූපණය කරයි.


    කාර්ය පත‍්‍රිකාව

ඇගයීම 

1     එච්.ඒ. කරුණාරත්න මහතාගේ නිර්මාණ සඳහා ........................................ චිත‍්‍ර කලාවේ ශෛලීන් ආභාසය වී ඇත.

2     ස්වභාවික  හැඩයන්ට වෙනස් වූ.................................... හැඩයන්ගෙන්  සංකලනය වූ හැඩතල ඔහුගේ නිර්මාණ සඳහා පාදක විය.

3     ඔහුගේ නිර්මාණයන් හි ආගමික  හැඟීම්  සහිත වූ ........................... ජනිත කරවන බව විචාරක මතයි.

4   නම් නොකළ මූර්තියේ මාධ්‍ය කුමක්ද? ……………………………………………………………………………….

5     නම්  නොකළ මූර්තියේ ශිල්ප ක‍්‍රමය කුමක්ද? …………………………………………………………………………………………………………………………………………

6     සඳ පායා චිත‍්‍රයේ වස්තු විෂය වී ඇත්තේ ……………………………………………………………………………..

7     මෙහි මාධ්‍ය කුමක්ද? ………………………………………………………………………………………………………………………………………….

8     එච්.ඒ. කරුණාරත්න ශිල්පියා විසින් නිර්මාණය කළ තවත් සිතුවමක් නම් කරන්න.

…………………………………………………………………………………………………………………………………………..

 

     ** පහත කරුණු යටතේම නිර්මාණය හඳුනාගෙන ඇගයීමට ලක් කරන්න.

                                  

  •           නිර්මාණය: ……………………………………………………
  •            ශිල්පියා: ………………………………………………………
  •            මාධ්‍ය: …………………………………………………………
  •            ශිල්ප ක්‍රමය: …………………………………………………
  •             කලා ආභාසය: ………………………………………………