Friday, December 11, 2020

ඉන්දීය ඓතිහාසික යුගවල කලා නිර්මාණ අධ්‍යයනය

 සැකසුම:චන්ද්‍රා හඳපාන්ගොඩ,සුරංගි වීරසේකර

  7.4.1. මෞර්ය සුංග සහ සාතවාහන යුගවල කලා නිර්මාණ



  සාංචි ස්තූපය



  • ශෝක අධිරාජයා විසින් ඉදිකර ඇතැයි සැලකෙන සාංචි ස්තූපය ඉන්දීය ගෘහ නිර්මාණ අතර   ඉතා විශිෂ්ට නිර්මාණයකි
  •   මධ්‍ය භාරතයේ සුන්දර කලාත්මක වූ කඳු ගැටයක් මත මෙය ඉදිකර තිබේ
  •   සාංචි මහා ස්තූපයට අමතරව තවත් චෛත්‍යය දෙකක් දක්නට ලැබේ
  •   සාංචි ස්තූපය අඩි 120 ක අඩි විශ්කම්භයකින් යුක්ත වන අතර උස අඩි 54 කි
  • ගර්භය බුබ්බුලාකාර හැඩයෙන් යුක්තය.
  • පොළොව මට්ටමේ සිට අඩි 16 උසින් චෛත්‍යය වටා යා හැකි ප්‍රදක්ෂිණා පථයකි. මෙම කොටස “මේධිය” යනුවෙන් හැඳින්වේ. මෙය වටා ගලින් කරන ලද ගරාදි වැටකි. ප්‍රදක්ෂිණා පථයට නැගීමට සෝපාන පන්ති දෙකකි.
  •   මේධිය මත ගර්භය පිහිටා ඇත.
  •  ස්තූපයේ මුදුන ශෛලමය ගරාදි වැටකින් යුතු හතරැස් කොටුවකි. මෙය "හර්මිකාව"යනුවෙන් හැඳින්වේ.
  •  හර්මිකාව මැද(ස්තූපය මුදුනේ) මුදුන උල් වූ අටපට්ටම් සෙල්මුවා ටැඹක් පිහිටුවා ඇත. එය "යූපය" යනුවෙන් ද"යෂ්ටිය"යනුවෙන් ද හඳුන්වයි.
  • මෙම යෂ්ටිය මුදුනෙහි පහල සිට ඉහලට කුඩා වී යන ආකාරයට සකස් කළ වෘත්තාකාර ගල් පුවරු තුනකි."ජත්‍ර"යනුවෙන් මෙම වෘත්තාකාර ගල් පුවරු හඳුන්වයි.
  
සාංචි තොරණ


  •         සාංචි ස්තූපයේ සතර පැත්තේ ඉදි කර ඇති තොරණ ඉන්දීය කලා නිර්මාණ අතර හමුවන විශිෂ්ට නිර්මාණ වේ.
  •         සාංචි තොරණ සාතවාහන යුගයට අයත් නිර්මාණ ලෙස සැලකේ.
  •         සාංචි තොරණ හතරම එකම ආකෘතියකට අනුව සකස් කර තිබේ.
  •         සාංචි තොරණ දෙපසින් ඉදිවූ හතරැස් ගල් කුළුණු දෙකක් මත තිරස් අතට සමාන්තරව පිහිටුවා ඇති ගල් පුවරු තුනකි. මෙම ගල් පුවරු හෙවත් උඩෙ ලිපත් තල්පතක ස්වභාවය දක්වමින් ඒවා ඇතුළු පැත්තට තුණු ආකාරයෙන් කලාත්මකව නිර්මාණය කර ඇත. මෙම තිරස් ගල් පුවරු එකිනෙකට සම්බන්ධ වන ලෙස කුඩා ගල් කණු තුන බැගින් පිහිටුවා ඇත.
  •         මෙම සෑම තිරස් සිරස් ගල්කණුවක් ම කැටයමින් අලංකාර කර තිබේ.
  •         ප්‍රධාන සිරස් කුළුණු අග, ඇත් රූ, වාමන රූප, සිංහ රූප වලින් මෙම යුතු ශීර්ෂයකින් සමන්විත වන අතර තිරස් අතට යොදා ඇති පළමු ගල් පුවරුවට (උඩෙලිපතට) කූඤ්ඤයක් ලෙස සම්බන්ධ වූ “සාලබංජිකා” නම් ස්ත්‍රී රූප මූර්තිමත් කර ඇත
  •         තොරණ ඉහළින්ම ඇති තිරස් ගල් පුවරුව හෙවත් උඩලිපත මත ත්‍රිශූලය, මිනිස් රූප සහ සත්ව රූප නිර්මාණය කර ඇත.
  •         සාංචි තොරණ කැටයම් නිර්මාණ සඳහා ශිල්පියා තෝරාගෙන ඇති වස්තු විෂය මෙසේ කොටස් කළ හැකිය එනම්,

  1.           ජාතක කතා                උදා:- ඡද්දන්ත, වෙස්සන්තර, මහා කපි ජාතකය
  2.          බුද්ධ චරිතයේ සිද්ධි     උදා:- බුදු වීම බුදුන් වහන්සේ සංකස්ස පුරයට වැඩමවීම.
  3.          සිදුහත් චරිතයේ සිද්ධි  උදා:- කේශ ඡේදනය, අභිනිෂ්ක්‍රමණය
  4.         ඓතිහාසික සිද්ධි         උදා:- අශෝක රජු ශ්‍රී මහා බෝධිය වැඳීම, ධාතු කෝලාහලය.

  •         සාංචි තොරණ කැටයම්වල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ,

  1.          සිරස් ගල් කණු මත කැටයම් පනේල වශයෙන් දැක්වීම.
  2.          තිරස් ගල් පුවරු (උඩලිපත) මත බොහෝ විට අඛණ්ඩ කථන ක්‍රමය අනුව කැටයම් නිර්මාණය කර තිබීම.
  3.          කැටයම් ඉතා සියුම්ව අල්ප උන්නතව මතු කොට තිබීම.
  4.          රූපයකට රූපයක් මුවා වන සේ සංරචනය කිරීම.
  5.         ඉතා කුඩා ඉඩක පවා මානව රූප, සත්ව රූප හා ශාක හැඩ අවකාශය පුරා සම්පිණ්ඩනය කිරීම.
  6.     .මිනිස් රූප ශෛලිගත ස්වභාවයෙනුත් සත්ව රූප ස්වභාවික ලක්ෂණයන්ගෙන් යුක්ත ව දැක්වීම.
  7.          සතුන්ගේ ඉරියව් ගති ලක්ෂණ හා චලනයන් තාත්විකව නිරූපණය කිරීම.
  8.      සාංචි කැටයම් ශිල්පියා බුදුරජාණන් වහන්සේ සහ සිදුහත් කුමරු දැක්වීමේදී බෝ ගස, ජත්‍රය, ස්තූපය, ධර්ම  චක්‍රය සහ සිරිපතුල වැනි සංකේත යොදා තිබීම.


   ඡද්දන්ත ජාතකය.



  •         උතුරු තොරණ ඇතුල් පැත්තේ ඉහළම උඩලිපතෙහි ඡද්දන්ත ජාතකය අඛණ්ඩ කථන ක්‍රමය අනුව කැටයම් කර තිබේ.
  •         ඡද්දන්ත ජාතකයේ කතා නායකයා ඇතෙකි.
  •         මෙම කැටයමෙහි නුග ගස මුල සිටින ඇත් රංචුව ඉතා ස්වභාවික ගති ලක්ෂණයන්ගෙන් යුතු ව දැක්වේ.
  •         ඇතුන්ගේ ඉරියව් හා චලනයන් තාත්විකව නිරූපණය කර තිබේ.
  •         ඉතා කුඩා අවකාශ පවා භාවිත කර රූප කැටයම් කර ඇති අතර රූපයකට රූපයක් මුවා වන සේ සංරචනය කර තිබීම විශේෂත්වයකි.
  •         මෙම අල්ප උන්නත කැටයම් තුළ සියුම් බව, මටසිලුටු නිමාව දැකිය හැකිය.


  බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩමවීම



  •         සාංචිය උතුරු තොරණෙහි ඉදිරිපස බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩමවීම නැමැති කැටයම අල්ප උන්නතව නෙළා තිබේ.
  •         බුදුරජාණන් වහන්සේගේ රූපකාය වෙනුවට බෝ ගස සංකේත ව දක්වා ඇත.ඒ අනුව හිණිමග උඩ සහ පහළ බෝගස නිරූපණය කර තිබේ.
  •         මෙහි දැක්වෙන මිනිස් රූප ශෛලිගත ස්වභාවයෙන් කැටයම් කර ඇත.
  •         රූපයකට රූපයක් මුවා වන සේ රූප තලය මත සංරචනය කර ඇත.
  •         ඉතා කුඩා අවකාශය පවා භාවිත කර රූප කැටයම් කර තිබේ
  •         ඇත්දත් කැටයම් වල දැකිය හැකියි සියුම්, මටසිලුටු නිමාව සහිත ලක්ෂණ මෙහි දැකිය හැක.


කාර්ය පත‍්‍රිකාව

ඇගයීම

පහත දැක්වෙන එක් එක් වාක්‍යයෙහි හිස්තැනට සුදුසු වචන/වචනය යොදා සම්පූර්ණ කරන්න.

1)      අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද සාංචි ස්ථූපයේ ගර්භයෙහි හැඩය ....................................

2)      සාංචි ස්තූපය මුදුනෙහි ශෛලමය ගරාදි වැටකින් යුතු හතරැස් කොටුව..........…............... යනුවෙන් හැඳින් වේ.

3)      ස්තූපය වටා ඇති ප්‍රදක්ෂිණා පථය................................. නමින් හැඳින්වේ.

4)      සාංචි තොරණ නිර්මාණය වී ඇත්තේ........................... යුගයේදීය.

5)      සාංචි තොරණෙහි අභිනිෂ්ක්‍රමණය කැටයම අවසානයේ ...............................යෙදීමෙන් සිදුහත් කුමරු පැවිදි වූ බව සංකේතවත් කෙරේ.

6)      සාංචි තොරණ කැටයම් නිර්මාණ තුළ දැකිය හැකි ලක්ෂණ පහක් ලියන්න.

1.      ...............….................…..................….................…..................….................…...

2.      ...............….................…..................….................…..................….................…...

3.      ...............….................…..................….................…..................….................…...

4.      ...............….................…..................….................…..................….................…...

5.      ...............….................…..................….................…..................….................…...



7.4.2 ගුප්ත යුගයට අයත් කලා නිර්මාණ අගයමු

සාරානාත් බුදු පිළිමය.




  •         ඉන්දියාවේ සාරානාත් ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම බුදු පිළිමය ගුප්ත යුගයේ දී නිර්මාණය වී තිබේ.
  •         සාරානාත් බුද්ධ ප්‍රතිමාව චූනාර් නැමැති ගල් විශේෂය භාවිත කරමින් නෙළා ඇත.
  •         පද්මාසන ක්‍රමයෙන් වැඩහිඳින ප්‍රතිමාවෙහි දෑත් දක්වා ඇත්ත ධම්ම චක්ක මුද්‍රාවෙනි.
  •         මෙමගින් බරණැස ඉසිපතන මිගදායේදී බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පවත්වන අවස්ථාව නිරූපණය වන බව විචාරක මතයයි.
  •         බුදුරජාණන් වහන්සේ වැඩසිටින ආසනයේ මැද ධර්ම චක්‍රයත්,දෙපස මුවන් දෙදෙනාත් අනෙකුත් මානව රූප සමූහයෙනූත් බව පැහැදිලි වේ.
  •         පිළිමයේ හිසට පිටුපසින් ලංකාර ප්‍රභා මණ්ඩලයක් දැක්වේ. එහි සියුම් ම නෙළන ලද බිංදු රටා හා ලියවැල් මෝස්තරයක් හා ප්‍රභා මණ්ඩලය දෙපස දේවතා රූප දෙකක් දැක්වේ.
  •         උෂ්ණීෂය, අක්බමරු වැනි හිසකෙස්, අඩවන් දෙනෙත්, ලඹ සවන් හා මුහුණින් උපශාන්ත බව හා මහා කරුණාව සහිත මහා පෞරුෂ ලක්ෂණ ඉස්මතුකර දක්වයි.
  •         දෙවුර වසා ඇති චීවරය ශරීරයට ඇලුණු ස්වරූපයෙන් දැක්වෙන අතර සියුම් රේඛා කීපයකින් චීවරය ඉස්මතුකර දක්වයි.
  •         සාරානාත් කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති ගුප්ත සම්ප්‍රදායට අයත් මෙම සාරානාත් පිළිමය ඉන්දීය ප්‍රතිමා කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වේ.

 

 කාර්ය පත‍්‍රිකාව

ඇගයීම

මෙහි දැක්වෙන වාක්‍ය වල හිස්තැනට සුදුසු වචනය යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

1)      සාරානාත් බුදු පිළිමයෙන් බුදුන්වහන්සේගේ.................... අවස්ථාව නිරූපණය වන බව විචාරක මතයයි.

2)      මෙම පිළිමය......................... නැමැති පාෂාණයෙන් නෙළා තිබේ.

3)      පද්මාසන ක්‍රමයෙන් වැඩහිඳින මෙහි දෙඅතින්.....................මුද්‍රාව නිරූපිත වේ.

4)      බුදුපිළිමයේ හිසට පිටුපසින් අලංකාර කැටයමින් සහ සියුම් නිමාවෙන් යුත්.............................. දැක්වේ.

5)      සාරානාත් කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය වන මෙම පිළිමය තුළින්...................... කලා ලක්ෂණ පිළිබිඹු කරයි.