Wednesday, December 16, 2020

අජන්තා චිත්‍ර

 

 සැකසුම:චන්ද්‍රා හඳපාන්ගොඩ,සුරංගි වීරසේකර









*        ඉන්දියාවේ වයඹදිග මහාරාෂ්ට ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි වගොරා ගඟට මායිම්ව අශ්ව ලාඩමක හැඩයගත් උස් පර්වතයක අජන්තා ලෙන් පන්තිය පිහිටා ඇත.

*        අජන්තාව බෞද්ධ මධ්‍යස්ථානයකි.

*        ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 7 වන සියවස දක්වා කාල වකවානුව තුළ වරින් වර නිර්මාණය කරන ලද නිර්මාණ මෙහි දැකිය හැක.

*        අජන්තා ලෙන් 29 කි. වාස්තු විද්‍යාත්මක වන මෙම ලෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය, එනම්, චෛත්‍ය ශාලා සහ ආවාස ශාලා යනුවෙනි.

*        චෛත්‍ය ශාලා කෙළවරෙහි ගලින් නෙලන ලද කුඩා චෛත්‍යය ක් දක්නට ලැබෙන අතර, භික්ෂූන් වහන්සේලා එක් ව ධර්ම සාකච්ඡා ආදිය පැවැත්වීම සඳහා මේවා භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලෙන් අංක 09,10,19 සහ 26 චෛත්‍යය ශාලා ලෙස සැලකේ.

*        ආවාස ශාලා භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන ලෙස මේවා භාවිත කරන්නට ඇතැයි සැලකෙන අතර වැඩි වශයෙන් සිතුවම් දක්නට ඇත්තේ ආවාස ශාලාවල ය. ලෙන් අංක 1, 2,16,17 මෙම ගණයට අයත් වේ.

*        අජන්තා චිත්‍ර සඳහා වස්තු විෂය වී ඇත්තේ බුද්ධ චරිතය, ජාතක කතා සහ ඓතිහාසික සිදුවීම් ය.

*        අජන්තා චිත්‍ර වියලි බදාමය මත ඇඳීමේ ශිල්පක්‍රමය එනම්, ප්‍රෙස්කෝ සිකෝ (ටෙම්පරා) ක්‍රමයට ඇඳ ඇතැයි සැලකේ.

*        චිත්‍ර ඇඳීම සඳහා ලෙන් බිත්තිය සකස් කර ඇත්තේ මැට්, ගොම, දහයියා, පිදුරු, සත්ව ලොම්, මැලියම් එකට අඹරා සකස් කළ බදාමයක් ආලේප කිරීමෙනි. පසුව ඒ මත මකුළු මැටි දිය කර ආලේප කොට වියළුණු පසු චිත්‍ර ඇඳීම ආරම්භ කොට ඇත.


අජන්තා චිත්‍ර තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ.

*        අවස්ථාවෝචිත ලෙස හැඟීම් ප්‍රකාශනය හා සිද්ධියට අනුරූප වන ලෙස අවස්ථා නිරූපනය කිරීම.

*        මිනිස් රූප සහ සත්ව රූප නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ ගති ස්වභාවය, චලනය, පරිමාණ ලක්ෂණ මෙන් ම ජීවමාන බව මතු කිරීම.

*        අඛණ්ඩ කථන ක්‍රමය අනුව මුල, මැද, අග සහිතව කතාව නිරූපණය කිරීම

*        ස්වභාවික පරිසරය දිය ඇලි, ගස්වැල්, වන සතුන් චමත්කාර ලෙස දැක්වීම.

*        ලෙන් වියන්තල මල්, ලියකම්, හස්ති, මානව රූප හා පක්ෂි රූප සම්මිශ්‍රණය කරන ලද නිර්මාණශීලී රටා මෝස්තරවලින් අලංකාර කර තිබීම.

*        ගුරු වර්ණයෙන් රේඛා සටහන් ඇඳ පසුව වර්ණ යෙදීම.

*        වර්ණ කිරීමේදී රතු, කහ, නිල්, කළු සහ කොළ යන වර්ණ භාවිතා කර තිබීම.

*        තේමාව තීව්‍ර කිරීම සඳහා අඳුරු වර්ණ සහ දීප්තිමත් වර්ණ භාවිතය.

*        අජන්තා චිත්‍ර අතර පද්මපාණි බෝධිසත්ව රූපය, බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, අප්සරා රූප, විජයගේ ලංකාගමනය, ඡද්දන්ත ජාතකය සුවිශේෂී කලා නිර්මාණ ලෙස සඳහන් කළ හැකිය.


පද්මපාණි බෝධිසත්ව රූපය

 

*        අජන්තා චිත්‍ර අතර ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස අංක 01 දරන ලෙනෙහි ඇති පද්මපාණි බෝසත් රූපය සඳහන් කළ හැකිය.

*        මෙයින් සිද්ධාර්ථ කුමරු සමග වම්පසින් යසෝදරා දේවිය නිරූපණය වන බව විද්වතුන්ගේ මතයයි. සෙසු රූප සම්පින්ඩන යෙදී අහසේ සිට වීණා වාදනය කරන දෙවියන් ද, පිරිවර ද, ගස් උඩ සිටින වඳුරන් කීපදෙනකු ද නිරූපණය වේ.

*        අනෙකුත් රූප වල ප්‍රමාණයට වඩා විශාලව බෝධිසත්ව රුව ත්‍රිභංග හැඩයෙන් යුක්තව නිරූපණය කර තිබේ.

*        මද සිනහව සහිතව මුහුණෙහි ගැඹුරු හැඟීම් ප්‍රකාශනයෙන් යුතු අධ්‍යාත්මික ගුණයෙන් පිරිපුන් තාරුන්‍යය විදහා පෙන්වන විශිෂ්ට නිර්මාණයකි.

*        දකුණතින් නිල් මහනෙල් මලක් දරා සිටී.

*        අලංකාර වස්ත්‍රාභරණ වලින් සැරසී සිටින අතර කුණ්ඩලාභරණ, අත් වලලු හා සියුම් කැටයමින් අලංකාර කර ඇති දිගටි ඔටුන්න (ශීර්ෂ පළඳනාව) රූපයෙ අලංකාරය ඉස්මතුකර දක්වයි.

*        වර්ණ කිරීමේදී ප්‍රධාන රූපය වන පද්මපාණි බෝධිසත්ව රූපය දීප්තිමත් කහපාටින් මතුකර සෙසු චරිත හා හැඩ අඳුරු වර්ණ සහිත පසුබිමකින් මතුකර ඇත.

*        මෙම චිත්‍රය තුළින් ගුප්ත කලා ලක්ෂණ පෙන්වයි.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම

*        කිඹුල්වත්පුර පිඩුසිඟා වඩින බුදුරජාණන් වහන්සේ දැක්වෙන චිත්‍රය අජන්තා ලෙන් අංක 17 හි දැකිය හැකිය.

*        නෙළුම් මලක් මත වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් ජත්‍රය දරා සිටින දේවතා රුවක් නිරූපණය කර ඇත.

*        මාලිගයේ සිට යසෝදරා දේවිය රාහුල කුමරුට ඔහුගේ පියාණන් හඳුන්වාදෙන ආකාරය දැක්වේ.

*        බුදුරජාණන් වහන්සේගේ රුව විශාලව ද අවශේෂ රූප කුඩාවට ද දක්වා තිබීම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතරභාවය පෙන්නුම් කිරීමට ගත් උත්සාහයක් ලෙස දැක්විය හැකිය.

*        පර්යාලෝක ලක්ෂණ සහිතව මෙම චිත්‍රය නිර්මාණය කර ඇතැයි අනුමාන කෙරේ.

*        ගුප්ත කලා ලක්ෂණ පෙන්වයි.


අප්සරා රූප












*        මෙම අප්සරා රූප දක්නට ඇත්තේ අංක 17 දරන ලෙනෙහි ය.

*        සීගිරිය අප්සරා රූප වලට සමාන ලක්ෂණ මෙම රූප තුළ දැකිය හැකි බව විචාරක අදහසයි.

*        සීගිරි චිත්‍ර වල මෙන්ම දිගු නෙත්, මද සිනහව, කර්ණාභරණ සහ ග්‍රිවාභරණ අප්සරා රූපවල අලංකාරය ඉස්මතුකර දක්වයි.

*        රූප වල රේඛා භාවිතය භාව පූර්ණව හා ජීවමාන ව දක්වා ඇති අතර නාරි ලාලිත්‍ය මැනවින් නිරූපණය කර තිබේ.

 

 

කාර්ය පත‍්‍රිකාව

ඇගයීම

පහත සඳහන් එක් එක් වාක්‍යයෙහි හිස්තැනට සුදුසු වචනය/වචන යොදා සම්පූර්ණ කරන්න.

1)      අජන්තාවට අයත් ලෙන් ................................. කි.

2)      මෙම ලෙන් කොටස් 2කි. එනම්,

1.      .......................................................

2.      .......................................................

3)      අජන්තා සිතුවම් ප්‍රෙස්කෝ සිකෝ (ටෙම්පරා) ක්‍රමයට ඇඳ ඇති බව පිළි ගැනෙනුයේ ඒවා ............................................ මත ඇඳ ඇති නිසාය.

4)      සීගිරි අප්සරා රූප වලට බෙහෙවින් සමානකමක් දක්වන අජන්තා අප්සරා රූප අංක ............. ගුහාවෙහි දක්නට ලැබේ.

5)      අජන්තා සිතුවම් අතර ඇති .............................................. නැමැති සිතුවමින් ලාංකීය ඓතිහාසික සිදුවීමක් සිහිපත් කරයි.

6)      අංක 17 ගුහාවෙහි ඇති බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරවීම නැමැති සිතුවමෙහි ...................................................... ලක්ෂණය දැක්වීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත.

7)      අජන්තා චිත්‍ර අතරින් ඉතා විශිෂ්ට ගණයේ චිත්‍ර දක්නට ලැබෙන්නේ ............................................ යුගයේ දී කරන ලද නිර්මාණ තුළ ය.

8)      අජන්තා චිත්‍ර සඳහා වස්තුවිෂය වී ඇත්තේ ........................................ හා ........................................... සිඳුවීම්ය.

9)      අජන්තා ලෙන් තුළ වියන් තලයේ සැරසිලි කිරීම සඳහා භාවිතා කල නිර්මාණ 3ක් නම් කරන්න.

1.      ..........................................................

2.      ..........................................................

3.      ..........................................................

10)  සිතුවම් සඳහා යොදාගත් වර්ණ 5ක් නම් කරන්න.

1.      ..........................................................

2.      ..........................................................

3.      ..........................................................

4.      ..........................................................

5.      ..........................................................

 

v  පහත දැක්වෙන සිතුවමෙහි කලා ලක්ෂණ පිළිබඳ දී ඇති උප ශීර්ෂ යටතේ අර්ථවත් වාක්‍ය පහක් ලියන්න.

 

 

·         හඳුනාගත් බව: ...................................................................................................................

·         ස්ථානය: ...........................................................................................................................

·         ශිල්ප ක්‍රමය: ......................................................................................................................

·         රේඛා හා වර්ණ භාවිතය: ....................................................................................................

·         හැඟීම් ප්‍රකාශනය: ..............................................................................................................