Friday, December 18, 2020

නත්තල් උත්සවය

 සැකසුම:සුරංගි වීරසේකර, අශානි රත්නසූරිය

6.1.4 ක්‍රියාකාරකම



  •    සෑම වසරක ම දෙසැම්බර් මස 25 වන දින නත්තල් දිනය වශයෙන් සලකනු ලබයි. එසේ සමරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියයි. වර්තමානයේ දී ඇතැම් පිරිස් මෙය ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබනයි. අප නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය.ලෝකයට සාමයේ පණිවිඩය ලබා දුන් දිනය,නත්තල් දිනයයි.
  •   කිතු උපතින් සියවස් කිහිපයක් යනතුරුත් කිතුනු සමාජයේ නත්තල් උත්සවය උත්සවාකාරයෙන් පවත්වා නැත.එයට හේතුව උපන්දින සමරන්නන් මිත්‍යා දෘෂ්ටිකයන් සේ ජුදා වරුන් විසින් විශ්වාස කිරීමයි.ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිර යාම වේගවත් වීමත් සමග යුරෝපයේ පැවති සෙසු ආගමික උත්සව වල ද ආභාෂය ලබා නත්තල් උත්සවය බිහි විය.
  •  නත්තල යන වදන, "නතාල" නම් පෘතුගීසි වචනයෙන් ද "නතාලිස්" නම් ලතින් වචනයෙන් ද බිඳී පැමිණි බව විශ්වාස කරයි. එම වචන වලින් "උපත" යන අර්ථය ලබා දෙනු ලබයි.
  • දෙසැම්බර් මස 24 වන දින මධ්‍යම රාත්‍රියේදී ජේසු කුමරුන් ගව ලෙනක උපන් බවත්, උන්වහන්සේගේ මව මරිය තුමිය වන අතර පියා ජුසේ තුමාණන් වේ.
  •  ජන සංගණනයකට බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේදී ගවලෙනක් තුළ ජේසු බිලින්දාගේ උපත සිදු වී ඇත.
  •  ජේසුස් වහන්සේ යනු මනුෂ්‍යත්වය ලබා ගත් දේව පුත්‍රයා වේ.එතුමාගේ මනුෂ්‍යයෙකු ලෙස ඉපදීම නත්තල් උත්සවයේ දී සමරනු ලබයි.
  •  ජේසුතුමන් සාමයේ කුමාරයා ලෙස ලෝකවාසී කිතුනු බැතිමතුන් සලකන අතරඋන්වහන්සේගේ දේශනා හා ප්‍රාතිහාර්යයන් ද, සබත් දිනයේ නීතිරීති කැඩීම ද හේතු කරගෙන ජුදා නායකයෝ උන්වහන්සේට විරුද්ධ විය.ඒ නිසා උන් වහන්සේව කුරුසයේ එල්ලා මරා දැමිය.

  •       සෑම වසරකම දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ දේවස්ථානයට රැස්වන කිතුනු බැතිමතුන් ජේසු උපත උත්සවාකාරයෙන් සමරනු ලබයි.
  •       එදිනට දුගී ජනතාවට ආහාර පාන, ඇඳුම් පැළඳුම් මෙන් ම තෑගිබෝග බෙදාදීම සිදු කරයි.

     





  • නත්තල් උත්සවයට දින ගණනාවකට පෙර කිතුනු බැතිමතුන් ඉතා ආශාවෙන් සූදානම් වේ .එනම් දේවස්ථානය හා නිවස සැරසීම,ගවලෙන් සෑදීම හා නත්තල් ගස් අලංකාර කිරීමආදිය වේ.
  • එම දිනට අලුත් ඇඳුම් පැළඳුම්වලින් සැරසීම මෙන්ම, ප්‍රණීත ආහාරපාන පිළියෙල කිරීම ද ඔවුන්ගේ චාරිත්‍රයකි.
  • නත්තලට බොහෝ දෙනා සුබපැතුම්පත් හුවමාරු කරයි. එසේම නත්තල් සීයා දකින්න ලැබෙන්නේ නත්තල් කාලයේදීමය.

·         මෙම උත්සව සමයේ නත්තල් කැරොල් ගී,නත්තල් නාට්‍ය හා නත්තල් ආශ්‍රිත චිත්‍රපට දකින්න පුළුවනි.

·         ඒ වගේම මේ කාලයේ දක්නට ලැබෙන විශේෂ චාරිත්‍ර වන්නේ,දුප්පතුන් සදහා දානමාන දීම, කුඩා දරුවන් වෙනුවෙන් තෑගි බෝග හා ඇඳුම් පැළඳුම් බෙදා දීම ය.


පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයා වෙනම ගොනුවක් සේ සකස් කරන්න.

6.1.4 ඇගයිම

1.කිතුනු බැතිමතුන් නත්තල් උත්සවය සමරන්නේ කුමන මාසයක දී ද?

2.ජේසුස් වහන්සේගේ මව හා පියා නම් කරන්න.

3.නත්තල් උත්සවය පැවැත්වීමේ අරමුණ කුමක්දැයි සඳහන් කරන්න.

4.නත්තල් උත්සව කාලයේ දක්නට ලැබෙන විශේෂාංග තුනක් නම් කරන්න.

5.නත්තල් උත්සවය සඳහා යොදා ගන්නා සැරසිලි තුනක් නම් කරන්න.

6.නත්තල් ගසක් වර්ණ A4 කඩදාසි වලින් අලවා අලංකාර කරන්න.