Saturday, December 19, 2020

ක්‍රිස්තියානි දේවස්ථානයක නිර්මාණ ලක්ෂණ හඳුනා ගනිමු

 සැකසුම:සුරංගි වීරසේකර, අශානි රත්නසූරිය

7.1.4 ක්‍රියාකාරකම



·         ඉහත දැක්වෙන්නේ 16 වන සියවසේ දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්න මුල් වූ පෘතුගීසීන්ගේ ඡායාරූපයකි. ක්‍රිස්තියානි දේවස්ථාන ලංකාවේ ඉදිකරන්න මූලිකත්වය ගත්තේ ඔවුන්ය.

·         ක්‍රිස්තියානි දේවස්ථාන ඉදිකරන ලද ක්‍රම දෙකක් තිබේ.එනම්

1.      රෝමානු ක්‍රමයෙ දේවස්ථාන

2.      ගොතික් ක්‍රමයේ දේවස්ථාන වේ.

 

රෝමානු ක්‍රමයේ දේවස්ථාන

 

·         මෙම දේවස්ථානයේ බොකු වහල හා රවුම් ආරුක්කු දැකිය හැක .එම රවුම් ආරුක්කුව සහිත ප්‍රධාන දොරටුවට ඉහළින් රවුම් කවුළුවක් තිබේ.එය රෝස ජනේලය කියා හදුන්වයි.


ගොතික් ක්‍රමයේ දේවස්ථාන


 

·         ගොතික් ක්‍රමයේ දේවස්ථානවල ඇති වෙනස තුඩු සහිත ආරුක්කු වලින් නිර්මාණය වී තිබීම. ඒ වගේම ඉතා දළ බෑවුම් සහිතව වහලය නිමවා ඇත.

·         රෝමන් ක්‍රමයේ දේවස්ථානවල ජනේල කවුළු වලට වඩා ගොතික් ක්‍රමයේ කවුළු වෙනස් වේ. තුඩු සහිත ආරුක්කු වලින් සෑදුනු කවුළු අලංකාර කිරීමට වර්ණවත් පාට පාට  වීදුරු වලින් අලංකාර මෝස්තර සාදා ඇත. ඒවා රංජිත වීදුරු මෝස්තර යනුවෙනි. ක්‍රිස්තියානි ආගමට අයත් විවිධ අවස්ථා හා චරිත මෙම රංජිත වීදුරු වල තිබේ. බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය මෙයට කදිම නිදසුනකි .


රෝමන් ක්‍රමයේ දේවස්ථානයක හා ගොතික් ක්‍රමයේ දේවස්ථානයක ඇති පොදු ලක්ෂණ.



  •    දේවස්ථානයේ බිම් සැලැස්ම මෙම දේවස්ථාන ක්‍රම දෙකටම පොදුවේ. එනම් කුරුසයේ හැඩයයයි.

ක්‍රිස්තියානි දේවස්ථානයක බිම් සැලැස්ම


ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිතු දේවස්ථාන කිහිපයක්


                                          බොරැල්ලෙ සියලු සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය            

                                         කොළඹ ලන්දේසි පල්ලිය

                                                   ගාල්ල බලකොටුව තුළ පිහිටි කිතු දේවස්ථානය


7.1.4 ඇගයීම

පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයා වෙනම ගොනුවක් සේ සකස් කරන්න.

  1. ක්‍රිස්තියානි දේවස්ථාන ඉදිකිරීම සඳහා මුල් වූයේ කවුරුන්ද?
  2. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථාන ඉදිකරන ලද ක්‍රම දෙකකි .ඒ මොනවාද?
  3.  මෙම දේවස්ථාන වල ආරුක්කු ක්‍රම අනුව දේවාස්ථන දෙක හදුනාගත හැකිය. එම ආරුක්කු ක්‍රම 2 මොනවාද?
  4. මෙම දේවාස්ථාන 2හි රූප සටහන් ඇඳ කොටස් නම් කරන්න.
  5. දේවස්ථනයේ බිම් සැලැස්ම ඇඳ කොටස් නම් කරන්න.
  6. දේවස්ථාන ඇතුළත නිර්මාණ සඳහා යොදාගත් ඉතා අලංකාර වර්ණවත් වීදුරු වර්ගය හඳුන්වන නම කුමක්ද?
  7.  ප්‍රධාන දොරටුවට ඉහළින් අලංකාර වීදුරුවලින් නිමවූ වෘ‍ත්තාකාර කවුළුව හැඳින්වූ නම සඳහන් කරන්න.
  8.  දේවස්ථානයක බිම් සැලැස්මෙහි හැඩය කුමක්ද?
  9. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ප්‍රධාන ක්‍රිස්තු දේවස්ථාන තුනක් නම් කරන්න.
  10. ගොතික් ක්‍රමයේ දේවස්ථානයක වහලය දක්වා ඇති ආකරය සදහන් කරන්න.