Monday, May 4, 2020

7.2.1 හින්දු ප්‍රතිමා වල ආසන , ආසන ක්‍රම හා මුද්‍රා

සැකසුම;  සුරංගි වීරසේකර. 

 
      

ආසන වර්ග :

ප්‍රතිමාව වැඩ සිටින පීඨය ආසනය ලෙස හැදින්වෙන අතර පද්මය හා භද්‍රය යන ආසන හින්දු ප්‍රතිමා වල  බොහෝ විට දැකිය හැකි ආසන වර්ග වේ. පද්මාසනය නෙළුම් මල් පෙති වලින් අලංකරණය කරනලද ඕවලාකාර හැඩයක්ද භද්‍රාසනය චතුරස්‍රාකාර හැඩයක්ද ගනී.





ආසන ක්‍රම :- දෙපා පිහිටුවා ඇති ආකාරය ආසන ක්‍රමය වේ. 


ලලිත ආසන :

පීඨය මත හිඳ සිටින ඉරියව්වක් වන           
අතර එක් පාදයක් නවා අනෙක් පාදය 
නිදහසේ පහතට දමා සිටී. පාර්වතී, හා 
සරස්වතී දේවිය මේ ඉරියව්වෙන් යුතුය. 





රාජලීලාසනය :-                                                 


වම් පය තිරස් අතට නමා , දකුණු පය සිරස්
 ව නමා ඒ මත දකුණු අතේ වැළමිට තබා 
ගෙන සිටින ආකාරයි.




පර්යංක ආසන :-                                                                                   

මෙහිදී දෙපා නවා පහත තබාගෙන පුටුවක හිඳ 
සිටින ඉරියව්වකි. 



මුද්‍රා :-                                                              

දෑත් නිරූපනය කර ඇති ආකාරය මුද්‍රාව වේ.ප්‍රතිමාවක භාව ප්‍රකාශනය හා සමස්ත ගුණය සංකේතාත්මක වශයෙන් මුද්‍රා කීපයකි .


අභය මුද්‍රාව :-


නිදහස හා ආරක්ෂාව ලබා දීම
සංකේතවත්  කරයි. 





ගජ හස්ත මුද්‍රාව :-


බාධක ඉවත්වී නිදහස ලැබීම     
සංකේතවත් වේ. 





නමස්කාර මුද්‍රාව / අංජලී මුද්‍රාව. :- 

ආයාචනය, ප්‍රාර්ථනය හා වැදීම         
 යන අදහස් නිරූපනය වේ. 




 වරද මුද්‍රාව :-


වරයක් දීම මින් සංකේතවත් කරයි.  


විතර්ක මුද්‍රාව :-                                 


ගැටළුවක් විසදන අවස්ථාවක්          
 මුද්‍රාවෙන් නිරූපිතය.


කටක හස්ත මුද්‍රාව:-                                                     

බොහෝ විට ත්‍රිභංග ලක්ෂණ සහිත          
 රූප වල හා ස්ත්‍රෝකරැවන්ගේ රූපවල
 දැකිය හැකිය. 




 ලෝල හස්ත මුද්‍රාව :-                                               


තැන්පත් බව සංකේතවත් වන
 අතර කාන්තා දේව රූප වල           
බහුල වශයෙන් යෙදේ. 



7.2.1. ඇගයීම:
හින්දු ප්‍රතිමා වල ආසන , ආසන ක්‍රම හා මුද්‍රා

1.හින්දු ප්‍රතිමා වල ආසන “වර්ග” මොනවාද?
2.මෙම ප්‍රතිමා වල ආසන ක්‍රම 3ක් හඳුන්වන්න.
3.ඒවායේ රූපසටහන් ඇඳ නම් කරන්න.
4.මුද්‍රා යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
5.හින්දු ප්‍රතිමාවල මුද්‍රා කීපයක් නම් කරන්න.
6.මෙම මුද්‍රා පිලිබඳ කෙටි හැඳින්වීමක් සමඟ රූපසටහන් ඇඳ නම් කරන්න.
7.ලෝලහස්ත මුද්‍රාව බොහෝවිට දක්නට ඇත්තේ කිනම් දේව රූප වලද?