Monday, February 22, 2021

සැරසිලි මූලිකාංග වර්ගීකරණය හා නිර්ජීවී ගණයට අයත් සැරසිලි

 සැකසුම - අශානි රත්නසූරිය

7.2.2 ක්‍රියාකාරකම

පාරම්පරික ශිල්පීන් ස්වාභාවික පරිසරයේ ඇති වස්තූන් හා කල්පිතයන් යොදා ගෙන විවිධ සැරසිලි නිර්මාණය කර ඇත.

ඔවුන් ස්වාභාවික පරිසරයේ ඇති වස්තූන් ඒ අයුරින් ම නො ඇඳ ඒවා නිර්මාණාත්මක ව ඇඳ ඇත.

එම නිර්මාණ සිංහල සැරසිලි මෝස්තර ලෙස හැදින්වේ.

සිංහල සැරසිලි මෝස්තර කලාව ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ.

  1. දිව්‍ය
  2. සත්ත්ව
  3. උද්භිද
  4.  නිර්ජීවී 


  • දිව්‍ය

ඉර

         හඳ

  • සත්ව

  

මකරා

   

හංසයා

ඈතා

  • උද්භිද

පිච්ච මල


   

සීන මල

  • නිර්ජීවී
  1. සමාන්තර රේඛා දෙකක් අතර නිර්මාණය කර ඇති මෝස්තර නිර්ජීවී මෝස්තර වෙයි.
  2. ජ්‍යාමිතික රේඛා,හැඩ දක්නට ලැබීම මෙම මෝස්තර වල විශේෂ ලක්ෂණයයි.
  3. දේශීය පාරම්පරික කලා කර්මාන්තවල මෙම මෝස්තර බහුලව දැකිය හැක.එනම්
  • ලාක්ෂා කර්මාන්තය
  •   පිත්තල කර්මාන්තය
  •   ලී කැටයම් වේ


අරිම්බුව



ගල් බිංදුව



කුන්දිරික්කන්



පනාව


තනිපොට ලණුව




දෙපොට ලණුව


ඇගයීම: 7.2.2 සැරසිලි මූලිකාංග වර්ගීකරණය හා නිර්ජීවී ගණයට අයත් සැරසිලි

 

1.      සිංහල සැරසිලි මෝස්තර ප්‍රධාන කොටස් කීයද?ඒ මොනවද ?

2.      නිර්ජීවී මෝස්තර වල දැකිය හැකි විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.

3.      නිර්ජීවී මෝස්තර බහුලව දැකිය හැකි පාරම්පරික කලා කර්මාන්ත දෙකක් ලියන්න .

4.      නිර්ජීවී මෝස්තර 5ක් ඇඳ දක්වන්න.

5.      නිර්ජීවී මෝස්තරයක් ඇසුරෙන් වාටි මෝස්තරයක් අඳින්න.