සැකසුම - C.N. ගුණවර්ධන
6.2.1 ක්‍රියාකාරකම
වයස අවුරුදු 17 දී පමණ වෙරෙකියෝගේ කලායතනයට බැඳුණු ඩාවින්චි පුරා දස වසරක් එහි ශිල්ප උගත්තේය .හෙතෙම වෙරෙකියෝගේ ශිල්පායතනයේ වැඩකරන සමයෙහි වෙරෙකියෝ, “ශාන්ත ජෝන් ක්‍රිස්තු තුමා භෞතීස්ම කිරීම”(st’ John Boptizing Christ)නමැති චිත්‍රයේ දෙවදුතිකාවකගේ රුවක් ඇඳීම සඳහා ඩාවින්චිට බාරදුණි.සෙසු කොටස් වලට වඩා ඉතා අලංකාරව තිබූ එම කොටස දුටු වෙරෙකියෝ පුදුම වූ අතර.ඩාවින්චිගේ හැකියාව තමා අභිබවා යනබව ගුරුතුමා පිළිගත්තේය .එම ශිල්පායතනයේ සේවය කල චාග්‍රීන්ඩ් (Chagrined) නමැති චිත්‍ර ශිල්පියා තමාට වඩා වයසින් අඩු ඩාවින්චිගේ දක්ෂ කම් දැක චිත්‍ර ඇඳීම පවා නවතා දමා එම කාලය මුර්ති වලට පමණක් සීමා කර තිබේ. 1472 දී ශාන්ත ලූකස් ශිල්ප ශ්‍රේණියට බැඳුණු ඩාවින්චි 1481 දී ෆ්ලොරන්ස් අතහැර මිලානයට පැමිණ තිබේ .ඔහු දහහත් අවුරුද්දක් මිලානයේ ගතකල අතර අග්‍ර කෘති වශයෙන් සැලකෙන “මැඩෝනා ඔෆ් රොක්ස්, ස්පෝසා ස්මාරකය , අන්තිම රාත්‍රී භෝජනය වැනි කෘති එහිදී ඔහු අතින් නිම විය .
ක්‍රිස්තු වර්ෂ 1500 දී යලිත් වරක් ලියනාඩෝ ඩාවින්චි ෆ්ලොරන්ස් නුවරට පැමිණ නිර්මාණය කරන ලද අග්‍රගන්‍ය කලාකෘති වශයෙන් මොනාලිසා , ශාන්ත අනා සමග කන්‍යා මරිය තුමිය සහ ජේසු බිලිඳා නම් කෘති හඳුනා ගත හැක .ඔහුගේ නිර්මාණ දිවියේ අවදි ඔහු ජීවත් වූ නගර ආශ්‍රිතව දැකිය හැක .
මිලාන් 1482-1500
ෆ්ලොරන්ස් 1500 යෙන් පසු
චිත්‍ර කලාවට ලියනාඩෝ ඩාවින්චි නම් පුනර්ජීවනයේ විසූ කරුණාවන්ත උදාර ගති පැවතුම් වලින් හෙබි නිහඬ සිත්තරා වර්ෂ 1519 එක් දිනක සිය දෙනෙත සදහටම පියාගත්තේ සනාතන දහමක් ලොවට පසක් කර දෙමිනි......
ඩාවින්චිගේ තවත් නිර්මාණ
මුගටියෙකු අතින්ගත් කාන්තාව
ශාන්ත ජෝන් බැප්ටිස්
The Baptism of Christ
- රූප භාවිතය = කායික සුන්දරත්වය සහ රූප වල පවත්නා ජීවී ගුණය මැනවින් ස්මතු වන සේ මානව රූප චිත්‍රණය කිරීම. එම රූප වල ඉරියවු ලාලිත්‍ය හා හැගීම් ප්‍රකාශන සහිතව දැක්වීම ඔහුගේ නිර්මාණ වලින් දැකිය හැකිය.චිත්‍රයේ දැක්වෙන මානව රූප විවිධ ඉරියව් වලින් යුතු අතර ඒවා ලාලිත්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට ශිල්පියා සමත්ව ඇත .
- වර්ණ භාවිතය = තෙල් සායම් මාධ්‍ය භාවිතා කරමින් වර්ණවල ප්‍රභේද සියුම් ලෙස මතු කිරීම මගින් ත්‍රිමාණ ලක්ෂණ මැනවින් දක්වා ඇත .ත්‍රිමාන ලක්ෂණ සමග එළිය අඳුර පිළිබඳ අවදානය යොමු කර ඇත .ඩාවින්චි විසින් ඝනත්වය හැඟවෙන පරිදි වර්ණ කිරීමේදී අඳුර මතින් ආලෝකය වඩාත් තීව්‍ර ව දැක්වීම සිදුකරන ලදී .මෙම සිද්ධාන්තය කියරෝස්කුරෝ (chiaroscuro) ලෙස හැඳින්වේ. දුඹුරු වර්ණයේ ප්‍රබේද සහිත අඳුරු වර්ණ මාලාවක් භාවිතා කර ඇත .මෙම වර්ණ කිරීමේ සිද්ධාන්තය අනුව රූපයකට හෝ සිද්ධියකට හෝ විශේෂ අවධානය යොමු කරමින් ආලෝකයේ ස්වභාවය පෙන්වීමයි.බොහෝවිට මධ්‍යගත ප්‍රධාන චරිතය ආලෝකවත් වර්ණ මගින් උලුප්පා දැක්වීම සිදුවේ .
- තලය භාවිතය = නිරූපනාත්මක චිත්‍ර කලාවේ සංරචන සිද්ධාන්ත අනුව තලය මත සංරචනය කරනු ලැබේ.ඒ අනුව තලය මත රූප පිහිටුවීමේදී පෙර බිම,මැද බිම සහ පසුබිම වශයෙන් තල කිහිපයක් ගොඩනගමින් රූප සංරචනය කිරීම සිදු කරනු ලැබේ .තල කිහිපයක් මත රූප නිරූපණය කිරීම මගින් චිත්‍රයේ ගැඹුර සහ පර්යාවලොකන ලක්ෂණ මැනවින් දක්වා ඇත. මෙම රූප පිහිටුවීමේදී මධ්‍යගත තලය මත ප්‍රධාන චරිතය පිහිටුවීම සිදු කරනු ලැබේ .එසේම රූප හා වර්ණ භාවිතය තලයෙහි ගැඹුර හා පර්යාවලෝකනය දැක්වේ .
පර්වත මස්තකයේ දේව මෑණියෝ (Vergin of the rocks)
- ලූවර් ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය කර ඇති මෙම සිතුවම වර්ෂ 1483 - 1500 කාලය තුළ නිර්මාණය කරන ලද්දකි.
- පර්වත මස්තකයේ දේව මෑණියෝ සිතුවමෙන් දැක්වෙන්නේ මරියතුමිය අසලින් සිටින ජේසු බිළිඳා සහ ශාන්ත ජොන් බැප්ටිස් සමඟ සුරදූතියකි.
- ත්‍රිකෝණාකාර ආකෘතියක් මත රූප සම්පිණ්ඩනය කර ඇති මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත
- මෙම නිර්මාණයේ දේවමෑණියන්ගේ මුහුණෙන් දැක්වෙන කරුණාභරිත බවත්, දරුවන්ගේ මොලකැටි බව මෙන් ම හැඟීම් ප්‍රකාශනය පෙන්වීමට ශිල්පියා ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇත.
- සිතුවමෙහි පසුබිම පැළෑටි සහ විවිධ හැඩවලින් යුක්ත ගල්කුළු පෙන්වා ඇති අතර පර්යාලෝක ලක්ෂණ සහිතව ඈතට විහිදී ගිය භූමි දර්ශනයක් නිරූපිත ය.
- අඳුර තුළින් ආලෝකය වඩාත් තීව්‍ර ලෙස මතු කිරීම පිළිබඳ ශිල්පියා සතුව තිබූ පරිණත බව මෙම සිතුවමින් නිරූපණය කෙරේ. මෙම වර්ණ ගැන්වීමේ සිද්ධාන්තය කියරොස්කූරො (Chiaroscuro) ලෙස හඳින්වේ. දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණමාලාවක් යොදා ඇති අතර අඳුර තුළින් මරියතුමියගේ හා දරුවන්ගේ මුහුණු වඩාත් ආලෝකමත්ව මතු කර දක්වා ඇත.
අවසන් භෝජන සංග්‍රහය (The
Last Supper)
- ලියනාඩෝ ඩාවින්චි විසින් මිලානයේ ලුඩෝවිකෝ ඉල්මෝරෝ ආදිපාදවරයා යටතේ සේවය කරන කාලයේ ශාන්ත මරියා ඩෙලාග්‍රේසි නැමති ඩොමිනිකානු තාපසාරාමයේ භෝජනාගාර බිත්තියක් මත ප්‍රෙස්කෝ(ටෙම්පරා) සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කරන ලද්දකි.
- අවකාශමය පර්යාලෝකය අනුව චිත්‍රණය කර ඇති මෙම සිතුවම මධ්‍යයේ ජේසුස්වහන්සේ දක්වා ඇති අතර, දෙපස අනුගාමිකයන් දොළොස් දෙනෙකි. ජුදාස් නැමති පාවාදෙන්නාගේ මුහුණෙහි ඇති කුතුහලය නිරුපණය කිරීම හැඟීම් ප්‍රකාශනය මැනැවින් දැක්වීමට ගත් උත්සාහයකි.
- චිත්‍රය වර්ණ ගැන්වීමේ දී දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණමාලාවක් ත්‍රිමාන හා පර්යාලෝක ලක්ෂණ සහිත ව යොදා ඇත.
- කියරොස්කූරො (Chiaroscuro) වර්ණ කිරීමේ සිද්ධාන්ත අනුව තලය මධ්‍යයයේ සිටින ජේසුස්වහස්සේ වඩාත් ආලෝකමත්ව මතු කර දක්වමින් සෙසු රූප අඳුරු වර්ණමාලාවකින් දක්වා ඇත.
මොනාලිසා (Monalisa)
- ලියනාඩෝ ඩාවින්චිගේ විශිෂ්ට නිර්මාණයක් වන මොනාලිසා දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.
- මෙම සිතුවම පොප්ලර් නැමති ලීයක තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත.
- ෆැන්සිස්කෝ ජියෝකොන්ඩා නැමති වෙළඳ ව්‍යාපාරිකයාගේ බිරිඳ වූ ලීසාගේ උඩුකය රුව (Portrait) ලෙස සැලකෙන මෙම සිතුවම පිළිබඳ වෙනත් මත ද පවතියි.
- මෙම සිතුවමෙහි පසුබිම සඳහා යොදා ඇත්තේ පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයකි.
- මෙහි දී මුහුණට පපු පෙදෙසට, දෙ අත්වලට ත්‍රිකෝණාකාර සම්බන්ධතාව ගොඩනඟමින් යොදා ඇති ආලෝකය මෙන් ම මඳ සිනහව හා බැල්ම යනාදිය මෙම සිතුවමට ගෙන දෙන්නේ ආකර්ශනකි.
ඇගයීම 6.2.1 ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ නිර්මාණ
පහත ඇති නිර්මාණ හඳුනාගෙන දී ඇති උපමාතෘකා ඔස්සේ කෙටි
හැඳින්වීමක් කරන්න .
1.
- හඳුනාගත් බව - ........................................................................................................
- ශිල්පියා -..................................................................................................................
- ශිල්ප ක්‍රමය - ...........................................................................................................
- වර්ණ භාවිතය -........................................................................................................
- ශිල්පීය කුසලතාවය -................................................................................................
2.
- හඳුනාගත්බව-............................................................................................
- ශිල්පියා -......................................................................................................
- ස්ථානය -.....................................................................................................
- ශිල්ප ක්‍රමය - ...............................................................................................
- වර්ණ භාවිතය -...........................................................................................
- ශිල්පීය කුසලතාවය -.....................................................................................
3.
- හඳුනාගත්බව-.......................................................
- ශිල්පියා -...............................................................
- ස්ථානය -..............................................................
- ශිල්ප ක්‍රමය -..........................................................
- වර්ණ භාවිතය -.....................................................
- ශිල්පීය -.....................................................